කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ලිංගික හිංසනය තුරන් කිරීමේ ගෝලීය සමුළුව සමරයි
ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීමේ ගෝලීය සමුළුව ලන්ඩනයේ දී පැවැත්වෙන විට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ජූනි 11 වෙනි බදාදා වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ දී සමරු උත්සවයක් පැවැත්වී ය.වීඩියෝ චිත්‍රපට, රංග කලා ප්‍රසංග හා සාකච්ඡාවකින් සමන්විත වූ උත්සවය ලොව මුළුල්ලේ 70 කට අධික බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාල හා තානාපති කාර්යාල සහභාගි වූ ගෝලීය සමුළු උත්සව මාලාවක කොටසක් විය.

A forum theatre performance by the Abina Academy
උත්සවයේ කටයුතුවලට ජීවත්ව සිටින වින්දිතයන් දෙදෙනෙකු වන මරිස්සා ජෑන්ස් හා අශෝක් ෆෙරේගේ සත්‍ය කතාවන් දෙකක් වන වාචික සාක්ෂි කෙක් ඉදිරිපත් කිරීම; ග්‍රාස්රූටඩ් භාරයේ ජනාහා සෙල්වරාජා විසින් ඉදිරිපත් කරන ලද නාටකාකාර ඒකාංග භාෂණයක්; ඇබිනා ඇකඩමිය විසින් ඉදිරිපත් කරන ලද සමූහ රංගන ප්‍රසංගයක් ඇතුළත් විය. (ඉදිරිපත් කිරීම් පිළිබඳව අපට වැඩිමනත් තොරතුරු අවශ්‍ය ද?) මින් අනතුරුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇලේන් සිබ්නලර්, කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ විධායක අධ්යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටගොඩ, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානි ඩේවිඩ් කෙස්නි විසින් මෙහෙයවන ලද මණ්ඩප සාකච්ඡාවක් පැවැත් විණ. උත්සවයේ දී කතා කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අති ගරු ජෝන් රැන්කින් මෙසේ පැවසීය. “ලිංගික දූෂණය හා ලිංගික හිංසනය යුද්ධයේ වැලක්විය නොහැකි ක්‍රියා නොවේ, එහෙත් නැවත්විය යුතු හා වැළක්විය යුතු ඒවා ය. මූලික ප්රශ්නය වනුයේ යුක්තිය පිළිබඳ එකකි. හැම විටම මෙම අපරාධ සිදු වෙන අතර ලෝකය කිසිවක් නොකරයි. ඇති කර ඇති පූර්වාදර්ශයක් වන්නේ දණ්ඩන මුක්තිය සහිතව ලිංගික හිංසනය යොදා ගත හැකි වීම ය: එය වින්දිතයන් නයිජීරියාවේ පාසල් ශිෂ්‍යාවන් ද සිරියාවේ සරණාගතයන් ද වුව කම් නැත.” “……ගැටුම තුළ ලිංගික හිංසනයට පිළියම් යෙදීම අති විශාල හා සංකීර්ණ ප්‍රශ්නයක්ය යන්න පිළි ගැනීම අපි ප්‍රතික්ෂේප කරමු. වහල් වෙළඳාම හෝ නීති විරෝධී ආයුධ වෙළඳාම තහනම් කිරීම පිළිබඳව ද කියනු ලැබුවේ එයම ය. මහජන අවුස්සනු ලැබූ විට හා ආණ්ඩුම උනන්දු වූ විට වෙනස වේගවත් කළ හැකි ය.මෙය දැන් සිදුවෙමින් පවතින බවට සාක්ෂි තිබේ. ලෝකයේ සියලුම ජාතීන්ගේ ¾ කට වඩා -රටවල් 150 - දැන් ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීමට කැපවීමේ ප්රකාශනය අනුමත කර තිබේ. පසු ගිය සතියේ නයිජීරියාව හා බුරුමය යන රටවල් දෙකම එම රටවල් කණ්ඩායමට එක් වූ බව සඳහන් කිරීමට මම සතුටු වෙමි. ලිංගික දූෂණය හා ලිංගික හිංසනය පිළිබඳ ඒවායේ නීති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ සකස් කරන්නනට අපි රටවලින් ඉල්ලා සිටිමු. සියලුම සොල්දාදුවන් හා සාම සාධකයින් යුද කලාප ලිංගික හිංසනය තේරුම් ගැනීමට හා වැළක්වීමට පුහුණු කළ යුතු බව අපි ඉල්ලා සිටිමු. එසේම ලිංගික හිංසනය සම්බන්ධයෙන් කිසි විටෙක සමාවන් ප්රදානය නොකරන්නැයි අපි රාවලින් ඉල්ලා සිටින්නෙමු.එහෙත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පමණක් ප්‍රමාණවත් නොවේ.සමස්තයක් විදියට ප්‍රජාවන් ද ආණ්ඩු, පුරවැසියන් හා සිවිල් සමාජය එක්ව ලිංගික හිංසනය තුරන් කිරීමට ක්‍රියා කිරීම අවශ්‍ය ය. ඒ වගේම අපි හිංසනයට පාත්රවූවන්ට ආධාර කිරීම අවශ්‍ය කරන අතර යුක්තිය ඉටු කරන ලද බව සහතික කළ යුත්තෙමු. දැන් ක්‍රියා කිරීමට කාලය යි.” බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සහ සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ඇන්ජලිනා ජොලී ලිංගික හිංසනය තුරන් කිරීමේ ගෝලීය සමුළුව ඊයේ ලන්ඩනයේ දී විවෘත කළහ. සමුළුව රටවල් 100 කට අධික සංඛ්‍යාවක ආණ්ඩු ද 900 කට අධික විශේෂඥයින්, රාජ්‍ය නොවන සංවිධාන, ආගමික නායකයින් හා ලොව පුරාම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සාදරයෙන් පිළි ගත්තේ ය. එය මේ ප්රශ්නය සම්බන්ධයෙන් එතෙක් මෙතෙක් පැවැති විශාලතම ජාත්‍යන්තර රැස්වීම වේ. එය ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීම සඳහා වන හා මෙම අපරාධයට එරෙහිව තීරණාත්මක පියවර ගැනීම සඳහා වන ගෝලීය කැපවීම විදහා දක්වයි. විදේශ ලේකම්වරයා ගැටුම තුළ ලිංගික හිංසනයට පාත්‍ර වූවන්ට හා ඔවුන්ගේ ජීවිත හා ප්‍රජාවන් යළි ගොඩ නැගීමට ආධාර කිරීම සඳහා තවත් පවුම් මිලියන හයක් ලබා දීමට ද පොරොන්දු විය.
Introductory speech by the British High Commissioner
Photos of the event can be viewed in our flickr account.
Veteran actress Anoja Weerasinghe speaks about sexual violence in Sri Lanka
A forum theatre performance by the Abina Academy on sexual violence