ලෝක පුවත් කතාව

ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීමේ ගෝලීය සමුළුව පිළිබඳ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය

එක්සත් රාජධානිය ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීමේ ප්‍රකාශනය අනුමත කිරීමට ශ්‍රී ලංකාව දිරිගැන්වීම ද ඉල්ලා සිටීම ද අඛණ්ඩව කර ගෙන යයි.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
The Global Summit to End Sexual Violence in Conflict took place in London from 10-13 June 2014.

The Global Summit to End Sexual Violence in Conflict took place in London from 10-13 June 2014.

ශ්‍රී ලංකාවේ මෙන්ම අන් හැම තැනකම ගැටුම තුළ ලිංගික හිංසන ක්‍රියා සඳහා දණ්ඩන මුක්තිය නොතිබිය යුතු බව සහතික කිරීමේ අවශ්‍යතාවක් තිබේ.
එසේම ළමුන් මෙන්ම ස්ත්‍රීන් හා පුරුෂයින් ඇතුළුව ලිංගික හිංසනයට භාජනය වූවන්ට ආධාර හා ආරක්ෂාව සැපයීමේ අවශ්‍යතාවක් ද තිබේ.

ජූනි 10 සිට 13 දක්වා ලන්ඩනයේ පවත්වන ලද ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීමේ ගෝලීය සමුළුවට සත්කාරත්වය සපයන ලද්දේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් හා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඇනජලිනා ජොලී විසිනි. ඊට රටවල් 128 ක් ද අමාත්‍යවරු 79 ක් හා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්‍රධානීහු 9 ක් ද එසේම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හා ජාත්‍යන්තර අධිකරණවල සභාපතිවරු හා අභිචෝදකයෝ ද සහභාගි වූහ. එමෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ගැටුමෙන් විපතට පත් රටවල නියෝජිතයින් 300 කට වැඩි ප්‍රමාණයක්ද ඊට සහභාගි විණ.

සමුළුව පවත්වන ලද්දේ යුද කාලීන ලිංගික දූෂණය හාත්පස පැවති තහංචි හා ඒ වටා පවතින දණ්ඩන මුක්ති සංස්කෘතිය බිඳ දැමීමේ අවශ්‍යතාව නිසා ය. මූලික ප්‍රශ්නය වනුයේ එවැනි අපරාධවලට භාජනය වූ ස්ත්‍රීන් සහ සියලු වින්දිතයින් සඳහා සාධාරණය සම්බන්ධ එකකි. මෙම අපරාධ සිදුවන හැම විටම දණ්ඩන මුක්තිය ඇතිව ලිංගික හිංසනයේ යෙදිය හැකි ය යන්න වැලක්වීමේ පූර්වාදර්ශයක් සැපයීමට ලෝකය කිසිත් නොකරයි. සමුළුව ලිංගික හිංසනය තුරන් කිරීමට ගත හැකි සංයුක්ත, ප්‍රායෝගික පියවර ද ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීමේ දී හුදෙක් ආණ්ඩුවලට පමණක් නොව ස්ත්‍රී කණ්ඩායම්වලට, සිවිල් සමාජයට හා ආගමික ප්‍රජාවන්ට ද රඟපෑ හැකි භූමිකාව ද කෙරෙහි කේන්ද්‍රීය අවධාන යොමු කළේ ය.

ලන්ඩන් සමුළුවට මූලික අරමුණු දෙකක් තිබිණ: යුද්ධයේ අවියක් ලෙස ලිංගික දූෂණය යොදා ගැනීම සම්බන්ධ දණ්ඩන මුක්තිය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ ප්‍රායෝගික පියවරට එකඟ වීම හා මෙම අපරාධ සම්බන්ධයෙන් ඇති ගෝලීය ආකල්ප වෙනස් කිරීම ආරම්භ කිරීම ය. සමුළුවේ දී රාජ්‍යයෝ ද නියෝජිතයෝ ද ආණ්ඩු, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, සිවිල් සමාජය, විශේෂඥයින් හා ලිංගික හිංසනයට පාත්‍ර වූවන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ හවුල් අධිෂ්ඨානයක් තුළ එක්සත් කරන [ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රකාශනයකට] (https://www.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/319958/GlobalSummit_to_End_Sexual_Violence_Statement_of_Action__1_.pdf), අත්සන් තැබීමට එකට එක් වූහ. එසේම සමුළුව වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමේ බාධක ජය ගැනීම හා අනාගත වැරදි කරන්නවුන් වළක්වාලීම පිණිස සාක්ෂිකරුවන් ආරක්ෂා කරන අතර හැකි බලගතුම තොරතුරු හා සාක්ෂි එකතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් ස්ථාපනය කිරීමට ගැටුම තුළ ලිංගික හිංසනය සම්බන්ධ ප්‍රලේඛනය හා විමර්ශනය පිළිබඳ එතෙක් මෙතෙක් වූ ප්‍රථම ජාත්‍යන්තර මූල ලේඛය ද ප්‍රකාශයට පත් කළේ ය., නියෝජිතයෝ බලාපොරොත්තු සහගතව හමුදාවේ දහම හා ප්‍රතිපත්ති තුළ ලිංගික හිංසනයට ආමන්ත්‍රණය කිරීම සහතික කරනු වස් හමුදාවට කාර්ය සාධනීය පුහුණුවක් ලබා දීම ඇතුළු ආරක්ෂක හා අධිකරණ අංශ ප්‍රතිසංස්කරණ සඳහා වන අවශ්‍යතාව පිළිබඳව එකඟත්වයට පැමිණියහ. මෙහි දී ආරක්ෂක හා අධිකරණ අංශවල පශ්චාත් යුද තත්ත්වයන් තුළ ද ඇතුළුව ස්ත්‍රීන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වයේ ඇති වැදගත්කම ද හඳුනා ගනු ලැබිණ.

එසේම ලිංගික හිංසනයට පාත්‍ර වූවන්ට- ස්ත්‍රීන්,පුරුෂයින්, ගැහැණු ළමුන් හා පිරිමි ළමුන්ට- ආධාර කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහි දී එකඟත්වයක් ඇති විය. යළි බලසතු කිරීම හා අනාගත හිංසනයට භාජනය කිරීම වැළක්වීම සහතික කරනු පිණිස ගැටුම තුළ ලිංගික හිංසනයට ප්‍රතිචාර දැක්වීමේ කේන්ද්‍රෙයහි හිංසනයට පාත්‍ර වූවන් සිටීම අවශ්‍ය වේ. එලෙසම ආණ්ඩු හිංසනයට පාත්‍ර වූවන්ට මනෝ - සමාජ සහාය, ජීවිකා වෘත්ති සහාය හා වාසස්ථාන ලබා දීම සහතික කිරීම අවශ්‍ය වන අතර හිංසනයන්ට පාත්‍ර වූවන් සඳහා වන වන්දි පහසුවෙන් ලබා ගත හැකි හා කඩිනම් ඒවා වීම අවශ්‍ය ය.

එක්සත් රාජධානිය .ලිංගික දූෂණයට පාත්‍ර වූවන්ට ආධාර කිරීම සඳහා අලුතෙන් පවුම් මිලියන 6 ක් ලබා දෙන බව ප්‍රකාශ කළ අතර එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය, එක්සත් අරාබි එමිරේට්ස්, ජපානය, බහරේන් හා අනෙකුත් රටවල් ද .ලිංගික දූෂණයට පාත්‍ර වූවන්ට ආධාර කිරීම සඳහා ත්‍යාගශීලී පොරාන්දුවීම් කර ඇත.

ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීමට කැපවීමේ ප්‍රකාශනය දැන් ලෝකයේ සියලු ජාතීන්ගෙන් හතරෙන් තුනකට වැඩි ගණනක්- රටවල් 155 ක් විසින් අනුමත කරනු ලැබ තිබේ. මේවාට බුරුමය, නයිජීරියාව හා කාම්බෝජය වැනි දිගු කාලීන ගැටුම්වලින් විපතට පත්ව තිබෙන රටවල් ද ඇතුළත් වන අතර එම රටවල ආණ්ඩු දැන් ලිංගික හිංසනය පිළිබඳ පියවර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන සිටී. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කාර්ය සාධනීය දේශීය පියවර ගැනීම මගින් සියලු රාජ්‍යයන්ට ගැටුම තුළ ලිංගික හිංසනය පිළිබඳ ප්‍රශ්නය විසඳීම සහතික කිරීමට දායකත්වයක් ලබා දිය හැකි ය.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නැයි ශ්‍රී ලංකාව දිරි ගන්වන අපි ශ්‍රී ලංකාව දැන් ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීම සඳහා පියවර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන සිටින අනෙකුත් සියලු රටවල් සමග එක් වන්නේ නම් එය සාදරයෙන් පිළි ගන්නෙමු.

පළ කළේ 3 July 2014