ලෝක පුවත් කතාව

නීති විරෝධි සංක්‍රමණිකයින් හට සිය රටවලට යලි යාමට බ්‍රිතාන්‍යයෙන් රැකුලක්

නීති විරෝධි සංක්‍රමණිකයින් හට සිය කැමැත්තෙන්ම තම රටවලට යලි යාමට රැකුල් දීමේ නියාමක ව්‍යපෘතියත් බ්‍රිතාන්‍යයෙන් විසින් මෙම දිනවල අත් හදා බලමින් පවති.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
This pilot builds on the government's current work on voluntary returns, which saw 3,699 voluntary departures last year.

This pilot builds on the government's current work on voluntary returns, which saw 3,699 voluntary departures last year.

සිය කැමැතතෙන්ම තම රටවලට යාමේ යහපත පෙන්වා දිමට විශාල ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කල වැන් රථ, දැන්වීම් පත්‍රිකා, පෝස්ටර් සහ පුවත් පත් දැන්වීම් යොදා ගැනීමට රජය බලාපොරොත්තු වේ. මිට අමතරව, මේ මාර්ගයෙන්, තව දුරටත් නීති විරෝධි ලෙස රටේ රැදී සිට හසු වුවහොත් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවත් දැනුම් දීමට අපෙක්ෂා කරයි.

මේ සතියේ වැන් රථ දෙකක් ලන්ඩන් නුවර විවිධ ප්‍රදේශයන්හි සැරි සරමින් ජනතාවට එම ප්‍රදේශයේ නීති විරෝධී ලෙස රැඳි සිටියදී අත් අඩංගුවට ගත් සංක්‍රමණිකයන් පිලිබඳ දැනුවත්‍ කරනු ඇත. තවද, නීති විරෝධි ලෙස රැඳි සිටින්නන් හට, තමන්ගේ ශ්‍රි ලංකා ගමන සලසා ගැනීමට ඇමතිය හැකි දුරකථන අංකයක් ගැනද දැනුවත් කරනු ඇත.

සංක්‍රමණය සඳහා ඇමති මාක් හාපර් මෙසේ පවසයි.. “බ්‍රිතාන්‍යයේ නීති විරෝධි ලෙස රැඳි සිටිම සහ රැකියා කිරිමට අසීරැ වන ලෙස වාතාවරනයක් ඇති කිරිමට අප ක්‍රියා මාර්ග සලසනවා, සැම දිනකම බලධාරින් බ්‍රිතාන්‍යයයේ රැඳි සිටිමට බලපත්‍ර නොමැති පුද්ගලයින් රඳවාගනිමින් හෝ අත්අඩුවට ගනිමින් හෝ, බ්‍රිතාන්‍යයෙන් නෙරපා දැමීමට කටයුතු කරනු ලැබේ. නමුත් මාංචු දමා කැඳවාගෙන යනවා වෙනුවට විකල්පයක් තිබෙනවා, සිය කැමැත්තෙන්ම තම රටවල් බලා පිටත් වීමට කැමති පුද්ගලයන් හට උපදෙස් සහ උදවූ ලබා දීමට හැකියි.” වියදම් සලකා බැලු කල, බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගෙ මුදලට ඵලදායි වන්නේ සංක්‍රමනිකයන් සිය කැමැත්තෙන්ම බ්‍රිතාන්‍යයෙන් පිටව යාමයි. මේ අත්හදා බැලීම මෙම වර්ෂයේ සිදු කෙරෙන්නේ පසු ගිය වර්ෂයේ සිදු කල මෙවැනි ව්‍යපෘතියක සාර්ථකත්වය ඉදිරියටත් ගෙන යමින්ය. පසු ගිය අවුරැද්දේ 3699 ක පිරිසක් සිය රටවල් කරා පිටත් කර හරින ලදී. හවුන්ස්ලෝ, බාර්කින්, ඊලින්ග්, බාර්නට්, බ්‍රෙන්ට් සහ රෙඩ්බ්‍රිජ් යන ලන්ඩන් නගරයේ ප්‍රදේශ මෙම ව්‍යපෘතිය සඳහා තෝරා ගෙන ඇත්තේ මෙම ප්‍රදේශ වලින්, වෙනත් ප්‍රදේශ වලට වඩා වැඩි පිරිසක් හෝ ස්ව කැමැත්තෙන් පිටත්ව ගිය පිරිස සාමාන්‍ය වශයෙන් අඩු හෙයිනි.

පළ කළේ 5 August 2013