ආයතනික වාර්තාව

ශ්‍රී ලංකාව - මානව හිමිකම් ප්‍රමුඛතා රටක්

This is a Human Rights Priority Country report taken from the Foreign and Commonwealth Office 2016 Human Rights and Democracy Report.

ලේඛන

විස්තර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය - මානව හිමිකම් ප්‍රමුඛතා රටක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයෙහි 2016 වර්ෂයේදී වර්ධනයක් සිදු විය. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග ඇති කරගන්නා ලද 30/1 යෝජනා සම්මතය පිළිබඳ තම වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් අත් කර ගත් නමුදු මේ සම්බන්ධයෙන් තව බොහෝ දෑ සිදු කළ යුතුව තිබේ. අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරිම සඳහා නීති සම්මත කිරීම පිිළිබඳ, එක්සත් රාජධානිය සිය ප්‍රසාදය පළ කළේය. තවමත් ක්‍රියාත්මක කර නොමැති වුවද සංහිදියාව සදහා ඇති කරන ලද වැදගත් පියවරක් ලෙස එය හැදින්විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක්ද සිදු වෙමින් පවති. මේ මගින් බලය විමධ්‍යගත කිිරීම පිළිබඳව ගැටඵ විසඳන අතර අයිතිවාසිකම් පිලිබඳ පනතක හදුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. බොහෝ සෙයින් විවේචනයට භාජනය වූ ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර අන්තර්ජාතික මානව හිමිකම් අයිතින් හා අනුකූල වන ලෙස ත්‍රස්‌තවාදය වැළැක්වීමේ නව නීති සම්පාදනය කිරීමට රජය කැප වී සිටියි. ඉතිහාසය පුරා පැවති දුක් පීඩා ඉවත් කර ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ නීතියේ ආධිපත්යය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන වැදගත් පියවර ලෙස මෙම කාර්යයන් හැදින්විය හැකිය.

2016 වර්ෂය තුළදී තවදුරටත් ඉඩම් මුදා හැරීම සිදු කරනු ලබන බවට රජය නිවේදනය කළේය. උතුරු ප්‍රදේශය සැලකිය යුතු ලෙස හමුදාවක් රඳවා තබා ගත්තද හමුදාව යටතේ තිබූ ප්‍රදේශ ගණන අඩු කිරීමට ගත් පියවර පැසසීමට ලක් කළ යුතුය. කඩිනමින් ඉඩම් මුදා හරින ලෙසට සහ උතුරු ප්‍රදේශය හමුදාකරණය අවම කරන ලෙස එ. රාජධානීය රජය විසින් නිරන්තරවම ඉල්ලා සිටිනු ලැබ ඇත. ත්‍රස්‌තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගනු ලැබූ සටන් සිරකරුවන් නිදහස් කරනු ලැබ තිබුනද තවත් බොහෝ අය රැඳවුම් කඳවුරු තුළ කිසිදු චෝදනාවකට ලක් කිරීමකින් තොරව රඳවා සිටී. පසුගිය රජය පැවති කාලයට සාපේක්ෂව අඩු වුවද උතුරු හා නැගෙනහිර ප්‍රදේශය තුළ තවමත් ආරක්ෂක හමුදා විසින් සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිිහැර කිරිම් සිදු කෙරෙමින් පවතී. ජනවර්ග අතර ඇති අසමගිය අවධානය යොමු කළ යුතු කරුණක් විය. අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් විසින් සිදු කරන ලද වෛරී ප්‍රකාශ මෙම අසමගිය වැඩි කිරීමට හේතු විය. එක්සත් ජාතින්ගේ සංවිධාන සමග ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන ලද අතර වධහිංසා පිළිබද එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා හා එක්සත් ජාතීන්ගේ විශේෂඥවරුන් ගණනාවකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජය විසින් ආරාධනා කරන ලදී.

රජය සමග පූර්ණ සහයෝගිතාවයක් දක්වන ඔහු විසින් වාර්තා කරන ලද නමුත් රැඳවුම් මද්‍යස්ථානවල තත්ත්වය සහ වධහිංසා පිළිබඳ සිද්ධි අඛණ්ඩව සිදුවීම පිිලිබඳ ප්‍රශ්න කලේය.

කාන්තා සමලිංගික, පුරුෂ සමලිංගික, ද්විලිිංගික සහ සංකරාවීමන්ති ලිංගික පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෙනස් කොට සැලකීම ගැටඵවක්ව පැවතුනි. හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානයේ වාර්තාවකට අනුව සංක්‍රමණ ලිංගික පුද්ගලයන් සහ ස්ථිර පුරුෂ සමාජභාවය පිලිබඳ පොදු සමාජ සම්මතයන්ට පරිබාහිර පුද්ගලයන් වෙනස්කොට සැලකීමට, හිංසනයට සහ හිරිහැරයට ලක් වන බව පැවසේ.

නීතියේ ආධිපත්යවය පිලිබඳව ජනතා විශ්වාසය වැඩි දියුණු කිරීමේ සහ වධහිංසා පැමිණවීම, පුද්ගල මානව හිමිකම් කඩකිරිම් අඩු කිරීමේ අරමුණු සහිතව දක්ෂ, වෘත්තියමය සහ වගවීමක් සහිත පොලිස් බලකායන් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන ප්‍රයත්නයට එක්සත් රාජධානිය අඛණ්ඩව සහයෝගය පළ කරයි. උතුරු පළාත තුළ බිම් බෝම්බ ඉවත් කිරීම සහ සංහිදියාව සහ සාමය ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන් විසින් ඉටු කරනු ලබන කාර්යයන් සඳහා ද එක්සත් රාජධානිය සහයෝගය ලබා දී ඇත.

මානව හිමිකම් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු සඳහා වන විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලීය අමාත්‍ය ඇනෙලේ සාමිවරිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර සංහිදියාව සහ වගවීම ඇති කිරීම සඳහා එක්සත් රාජධානිය විසින් සහයෝගය ලබා දෙනු ලබන බවට ඇය අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව තුළ ලිංගික ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වු ප්‍රචණ්ඩ ක්‍රියා දුරලීම සඳහා එක්සත් රාජධානිය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය සහ වින්දිතයන් තුළ භීතිය දුරලීම සහ ඔවුන් සම්න්ධයෙන් වගවීම ස්ථාපිත කිරිම පිලිබඳ වැදගත්කම අමාත්ය වරිය විසින් අවධාරණය කරන ලදී. යුද්ධ තුලදී ලිංගික හිංසනය අවසන් කිරීම සඳහා වන ප්‍රකාශනය ශ්‍රී ලංකා රජය විසින් මෙම වර්ෂයේ මුල් භාගයේදී අනුමත කිරීම සම්බන්ධයෙන්ද ඇය ප්‍රසාදය පළ කළාය.

මානව හිමිකම් සම්බන්ධයෙන් කඩිනම් හා වැඩිදුර ප්‍රගතියක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දිරිිමත් කිරීමට සහ ඒ සඳහා සහයෝගය ලබා දීමට 2017 වර්ෂයේදී එක්සත් රාජධානිය විසින් අඛණ්ඩව කටයුතු කරනු ඇත. වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් සිදු කර ඇති ප්‍රතිඥාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට, ජාත්යන්තර පාර්ශ්වකරුවන් සහ සිවිල් සමාජයට අප විසින් අඛණ්ඩව සහයෝගය ලබා දෙනු ලබන අතර ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිලිබඳව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව 2017 මාර්තු මාසයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

සම්පූර්ණ මානව හිමිකම් වාර්තාව මෙහින් ලබා ගත හැක

පළ කළේ 21 July 2017