ලෝක පුවත් කතාව

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා එක්සත් රාජධානි ආධාර ලබන ප්‍රජා නියාමන වැඩසටහන බැලීමට යයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වර අතිගරු ජෝන් රැන්කින් මෙම සතියේ යෙදුන ඔහුගේ උතුරේ සංචාරයේ දී කොළඹ, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මූල්‍යාධාර සපයනු ලබන, ප්‍රදේශයේ ප්‍රජා-පොලිස් සබඳතාවන්හි වෙනසක් ඇති කර තිබෙන ප්‍රජා නියාමන වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස පුතුක්කුඩියරුප්පු පොලිස් ස්ථානය වෙත ගියේ ය.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
The programme, which has run since 2012, works with 142 police stations across all 9 provinces

The programme, which has run since 2012, works with 142 police stations across all 9 provinces

ආසියානු පදනම සමග සහයෝගයෙන් යුතුව ක්‍රියාවට නංවනු ලබන ප්‍රජා නියාමන වැඩසටහන ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් හා ඔවුන් සේවය සපයනු ලබන ප්‍රජාවන් අතර සම්බන්ධතා ගොඩ නැගීම පිළිබඳ මූඛ්‍ය අවධානය යොමු කරයි. 2012 සිට ක්‍රියාත්මකව පවතින වැඩ සටහන රට මුළුල්ලෙහි පොලිස් ස්ථාන තුනෙක් එකක් ආවරණය කරමින් පළාත් නවය පුරාම පොලිස් ස්ථාන 142 සමග වැඩ කර ගෙන යයි. වැඩ සටහන එහි අරමුණු ගණනාවක් අතර ප්‍රජා පොලිස් පර්ෂද, බයිසිකල් මුර සංචාර,පැමිණිලි යාන්ත්‍රණ හා පොලීසිය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට දායකත්වයක් සපයන ප්‍රජා-පොලිස් සබඳතා ශක්තිමත් කිරීම ඉලක්ක කර ගත් ප්‍රජා සවිඥානකරණ වැඩ සටහන් වැනි ප්‍රජා නියාමන භාවිතයන් පෙළක්ම ක්‍රියාවට නංවයි. එසේම මෙම වැඩ සටහන සුළුතර ප්‍රජාවන් සම්බන්ධයෙන් වඩාත් වැඩි සංවේදිතාවක් සහතික කරනු පිණිස ප්‍රධාන වශයෙන් දමිළ භාෂාව කතා කරන ප්‍රදේශවල දමිළ කතා කරන පොලිස් නිලධාරීන් ද සියලු ප්‍රදේශවල පොලිස් කොස්තාපල්වරියන් ද සංඛ්‍යාවෙන් වැඩිකිරීම ද අරමුණු කරයි.

මෙම සංචාරය පිළිබඳව කතා කරමින් මහ කොමසාරිස්වරයා මෙසේ පැවසීය:

“මෙම වැඩ සටහනට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හා ප්‍රාදේශීය ප්‍රජාවන් යන දෙකොටසටම කතා කරන්නට ලැබීම ගැන මම සතුටු වෙමි. ඔවුහු ප්‍රජා නියාමන වැඩ සටහන ඔවුන්ගේ ගම්වල ඇති කර තිබෙන වෙනස්කම් ගැන, පොලීසිය කෙරෙහි වර්ධිත විශ්වාසය හා අපරාධ අඩු කිරීමෙහිලා ඔවුන්ට රඟපෑ හැකි භූමිකාව පිළිබඳවන අවබෝධය ආදිය ගැන විවෘතව කතා කළහ. ප්‍රාදේශීය ප්‍රජාව හා සිවිල් පරිපාලනය අතර විශ්වාසය වර්ධනය වීම දිගු කාලීන ප්‍රතිසන්ධානයේ වැදගත් කොටසකි. මෙම අරමුණ උදෙසා පොලීසිය සමග එක්ව ආසියානු පදනම විසින්කර ගෙන යනු ලබන කාර්යය මම බෙහෙවින් අගය කරමි.”

පළ කළේ 3 September 2014
අවසන් වරට යාවත්කාලීන කළේ 4 September 2014 + show all updates
  1. Adding Sinhala and Tamil translations

  2. First published.