ලෝක පුවත් කතාව

මහ රැජිනගේ උපන්දින සාදය

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2014 ජූනි 19 වෙනි බ්‍රහස්පතින්දා වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ දී II වෙනි එළිසැබෙත් මහ රැජිනගේ නිල උපන් දිනය සමරනු වස් පිළිගැනීමේ උත්සවයක් පවත්වනු ලැබී ය.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
British High Commissioner, John Rankin

British High Commissioner, John Rankin

පිළිගැනීමේ උත්සවයේ තේමාව වූයේ ක්‍රීඩාව හා තරුණ ජනයා පිළිබඳ විශේෂ යොමුවකින් යුතුව ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර ශක්තිමත් සබඳතාව යි.

පහතින් එනුයේ උත්සවයේ දී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ කථාවේ පිටපතකි.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ජෝන් රැන්කින් විසින් පවත්වන ලද දේශනය වෙස්ට්මිනිස්ටර් මන්දිරය

2014 ජූනි මස 19 වැනිදා

ප්‍රථම ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මැතිනියනි, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමනි, ආණ්ඩුවේ හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනි, උතුමන්ලාණෙනි, මහත්මියනි, මහත්වරුනි,

අති ගරු දෙවෙනි එළිසැබෙත් මහ රැජිනිය ශ්‍රී ලංකාවෙහි ඇගේ ප්‍රථම සංචාරයෙහි යෙදුනේ වසර 60 කට පෙර 1954 දී ය. මහා රැජිනියගේ නිල උපන් දිනය සමරනු ලබන්නාවූ ද ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය අතර සමීප සබඳතා සමරනු ලබන්නාවූ ද අද දින මෙම උත්සවයට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නට ලැබීම ගැන මම සතුටු වෙමි.
සත්තකින්ම අපේ රටවල් දෙකට ගැඹුරු ඓතිහාසික සබඳතාවක් තිබේ. මෙම කොළඹ හා ඉන් ඔබ්බෙහි බ්‍රිතාන්‍ය කාල පරිච්ඡ්දයෙන් ලැබුණු ස්ථාන නාම, දුම්රිය ක්‍රමය හා අලංකාර ගොඩනැගිලි බොහොමයක් සෑම දිනකම අපට සිහි ගන්වනු ලබයි. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සේ ම සහ එසේම ස්කොට් ජාතිකයෙකු වශයෙන් මම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තේ වතු හා වගාවන් සමග, ඉන්වර්නස්, එඩින්බර්ග් හා ස්ට්‍රත්ක්ලයිඩ් වැනි නම් සමග වූ සම්බන්ධතා සිහිපත් කළෙමි. ස්කොට්, ඉංග්‍රීසි, වේල්ස් හා උතුරු අයර්ලන්ත යන අපේ එක්සත් රාජධානියේ සෑම කොටසකටම අයත් සියලු ජනයා 1948 ස්වාධීනත්වය දක්වා වන කාල පරිච්ඡේදය තුළ මෙම දිවයිනේ ජනතාව සමග එක්ව භූමිකාවක් රඟපෑහ. එහෙත් අපේ සබඳතාවය ඓතිහාසික එකක් වනවාට වඩා දුර ගිය එකක් වේ. එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර, හා අපේ ජනතාවන් අතර සම්බන්ධතා අදක්වාම ශක්තිමත්ව හා උද්දීප්තව පවතී. ප්‍රථම ආර්යයාවට ගැඹුරු සම්බන්ධයක් තිබෙන බව මා දන්නා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සෑම වසරකම 4000 පමණ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එක්සත් රාජධානියේ අපේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා අතර ඉතා හොඳින් ඉගෙනීමෙහි යෙදෙති. අපි චෙව්නින්ග් ශිෂ්‍යත්ව සම්මාන සඳහා දිගටම කැප වී සිටි අතර එම ශිෂ්‍යත්ව ලැබූ බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ විශිෂ්ට චරිත බවට පත්ව සිටිති. මෙම සන්ධ්‍යාවේ ශිෂ්‍යත්වධාරීන් ගණනාවක්ම අප සමග සීටීම සම්බන්ධයෙන් මම මහත් සතුටට පත් වෙමි. බ්‍රිතාන්‍ය කවුන්සිලය බ්‍රිතාන්‍ය යෝග්‍යතාවන්ට ප්‍රවේශය සැපයීම ද කොළඹ, නුවර හා ඉතා මෑතදී යාපනේ එහි මධ්‍යස්ථාන ඇතුළුව ශ්‍රී ලංකාව පුරා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම දිගටම කර ගෙන යයි.
එසේම 28 ක් පමණ එක්සත් රාජධානි විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ දේශීය අධ්‍යාපන සැපයුම්කරුවන් හරහා ඒවායේ උපාධිවලට ප්‍රවේශය සපයයි. දකුණු ආසියාවේ පළමුවන විදේශ එක්සත් රාජධානි ඝෘජු විශ්ව විද්‍යාල මණ්ඩපය ශ්‍රී ලංකාවේ පිහිටු වන්නනේ යයි ආශාවෙන් බලාපොරොත්තුව සිටිමි.

එසේම අපේ වාණිජ සබඳතා ද ශක්තිමත් ය. අද දින අපේ අනුග්‍රාහකයන් ද ඇතුළුව එක්සත් රාජධානි සමාගම් 100 කට වැඩි ගණනක් ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මකව පවතින අතර එක්සත් රාජධානිය ප්‍රධාන ආයෝජකයන් 5 දෙනා අතර සිටී. එසේම එක්සත් රාජධානිය ඔබේ විශාලතම අපනයන වෙළඳපොළවලින් එකක් වන අතර මනා ශ්‍රම තත්ත්වයන් යටතේ කරන ඔබේ අගනා නිෂ්පාදිතවලට ඉහළ ඉල්ලුමක් පවතී. එක්සත් රාජධානි සමාගම් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ව වැඩෙන ආර්ථිකය මගින් සපයනු ලබන අවස්ථාවන් පිළි ගැනීම දිගටම කරගෙන යයි. එක්සත් රාජධානි සංචාරකයෝ බහුතරයක් දිගටම ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙති. එසේම එක්සත් රාජධානිය බිම් බෝම්බ ඉවත් කිරීම, ජනයාට ඔවුන්ගේ ඉඩම්වලට ආපසු පැමිණීමට හා ඒවා පලදායී භාවිතයට යොදා ගැනීමට ආධාර කිරීම මගින්; පොලිස් පුහුණුව, එක්සත් රාජධානි ප්‍රජා ආරක්ෂණ මාදිලියේ අත්දැකීම් හුවමාරු කර ගැනීම හා ඔබේ පොලිස් ඇකඩමිය හා විද්‍යාලය සංවර්ධනය කිරීමට ආධාර කිරීම මගින් හා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් එකට එක් කිරීම සඳහා ආධාර කරන සංහිඳියා ව්‍යාපෘතිවලට ආධාර කිරීම මගින් ශ්‍රී ලංකාවට ප්‍රායෝගික සහාය සැපයීම දිගටම කර ගෙන යයි. එසේම අපේ රටවල් දෙක පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය බෙදා හදා ගනී. පසු ගිය නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව කොළඹ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සත්කාරය සැපයී ය. සමුළුව සමයේ මෙම වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ දී රාජකීය උත්තම වේල්ස් කුමරුගේ 65 වන උපන් දිනය සැමරීමට ලැබීම ගැන මම මහත් සේ සතුටට පත්වීමි. පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය යන දෙකම පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මුතියේ පනවා ඇති සාරධර්ම වන ප්‍රජාතන්ත්‍රවාදයට කැපවීම, මානව හිමිකම්වලට හා නීතියේ පාලනයට ගරු කිරීම, තිරසර සංවර්ධනයට කැපවීම, යහ පාලනයට හා ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානත්වයට ගරු කිරීම යන ඒවාට කැපවී ඇත්තෙමු. පොදු රාජ්‍ය මණ්ඩලය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය යන දෙකම තුළ මාර්තුවල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් බලය පවරන ලද ජාත්‍යන්තර විමර්ශනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හා ගැටුම තුළ සියලු පාර්ශව විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සහතික කිරීම ඇතුළු ඔබේම උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ විශේෂිත නිර්දේශ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අප අඛණ්ඩව ඉල්ලා සිටින්නේ එවැනි කැපවීම් සන්දර්භය තුළ ය.

එසේම පසුගිය සතියේ අපේ විදේශ ලේකම්ගේ හා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඇන්ජලිනා ජොලීගේ සම සත්කාරත්වයෙන් පවත්වන ලද සමුළුවෙන් අනතුරුව ද අපි දිගටම ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීම සඳහා වන ප්‍රකාශනය අනුමත කර තිබෙන ලෝකයේ හතරෙන් තුනකට වැඩි සියලු ජාතීන් සමග එක් වන්නැයි ද ලිංගික හිංසන ක්‍රියාවන් සම්බන්ධයෙන් දණ්ඩන මුක්තියක් නොමැති බව සහතික කරන්නැයි ද ශ්‍රී ලංකාව දිරි ගන්වන්නෙමු. එසේම යුරෝපීය සංගමය තුළ අපේ සගයින් සමග එක්ව ශ්‍රී ලංකාවේ ජීවිත ගණනාවක් අහිමිවීමට හේතු වී තිබෙන මෑත දී සිදු වූ ජාතිවාදී හිංසනයේ පැන නැගීම පිළිබඳ අපේ කනස්සල්ල යළි යළිත් ප්‍රකාශ කර ඇති අතර හිංසනය පෙළඹවීම වැළක්වීම, ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි පියවර ගනු ඇතැයි ද වගකිව යුත්තන් යුක්තිය හමුවට ගෙන ඒම සහතික කරනු ඇතැයි ද විශ්වාස කරමු. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහතිකවීම් අපි සාදරයෙන් පිළි ගන්නෙමු. අප මේ සියල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ මිතුරෙකු වශයෙනි. එවැනි පියවර මගින් ශ්‍රී ලංකාව එහි ස්ථාවරභාවය, සමෘද්ධිය වර්ධනය කර ගනු ඇතැයි ද එහි පූර්ණ විභව්‍යතාවය කරා ළඟා වනු ඇතැයි ද අපි විශ්වාස කරමු. මහ කොමසාරිස්වරයා වශයෙන් මගේ ඉතිරි කාලය තුළ මෙම ප්‍රශ්න සම්බන්ධව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හා ජනතාව සමග වැඩි දුරටත් කටයුතු කිරීමට අපේක්ෂා කරමි. එසේම මම ක්‍රීඩා ක්ෂේත්‍රෙයහි අපේ සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරමි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත දී එංගලන්තයේ දී එක් දින ජාත්‍යන්තර තරඟ වලින් අත් කරගත් ජයග්‍රහණයට මම සුබ පතන්නෙමි. ඒ වගේම එළඹෙන දෙවන ටෙස්ට් තරගය ද පළමු වැන්න මෙන් ප්‍රබෝධනීය එකක් වනු ඇතැයි අපේක්ෂා කරමි. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තවදුර තරග සඳහා නොවැම්බර් මස මෙහි පැමිණෙනු ඇති අතර ලබන මාසයෙහි ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවල දී මගේ උපන් පුරවරය වන ග්ලැස්ගොව් හි දී සාදරයෙන් පිළි ගන්නවා ඇත. මම ඔබේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා කණ්ඩායම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යයි ප්‍රර්ථනා කරමි. ශ්‍රී ලංකාවේ දී මවිසින් දැක ඇති පරිදි හා වසර දෙකකට පෙර ලන්ඩන් ඔලිම්පික් තරගවලදී අප දැක ඇති පරිදි ක්‍රීඩාව යනු විවිධ සංස්කෘතික හා ජනවාර්ගික පසුබිම්වලින් එන තරුණ ජනයා බෙදනවාට වඩා එකතු කිරීමේ අපූර්ව මාර්ගයක් වේ. මේ සන්ධ්‍යාවේ අප මහ රැජිනිගේ උපන් දින සාදයේ දී අපේ තරුණ ජනයාට කළ හැක්කේ හා මුදුන් පමුණුවා ගත හැක්කේ කුමක් ද යන්න බලමු. ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය යන දෙකෙහිම අපේ අනාගතය නියෝජනය කරනුයේ හා එළඹෙන වසරවලදී අපේ රටවල් දෙක අතර සම්බන්තාව ගොඩ නගනු ලබනුයේ තරුණ පරපුරය.
රාජපක්ෂ ආර්යාවෙනි, අමාත්‍යතුමනි, මහත්මියනි, මහත්වරුනි, අපේ රටවල් දෙක අතර සබඳතාවය උත්සවාකාරයෙන් සැමරීමේ දී මා සමග එක් වන්නැයි ද ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාට හා ජනතාවට සව්දිය පිරීමට ඔබේ වීදුරු ඔසවන්නැයි ද මම ඔබෙන් ඉල්ලා සිටිමි.

පළ කළේ 23 June 2014