ලෝක පුවත් කතාව

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ජනාධිපති සිරිසේනට අක්තපත්‍ර පිළිගන්වයි.

ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස්‌ මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති චාරිත්‍රානුගත උත්සවයක දී අති උත්තම දෙවන එළිසබත් මහ රැජිණ විසින් ප්‍රදානය කරන ලද සිය අක්තපත්‍රය ශ්‍රී ලංකාවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමීය.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
Mr. James Dauris, British High Commissioner to Sri Lanka.

Mr. James Dauris, British High Commissioner to Sri Lanka.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද 19 වන සංශෝධනය සම්මත කිරීම පිළිබඳව ජනාධිපති සිරිසේන මහතා වෙත සිය සතුට පළ කළ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය දිගු කලක් පුරා බුක්ති විඳි ශක්තිමත් හා සමීප සබඳතාවයේ පසුබිම තුළ මෑත දී ඔහු ලන්ඩනය වෙත පැමිණීම සම්බන්ධයෙත් සිය උණුසුම් සතුට පළ කළේ ය.

ජේම්ස් ඩෝරිස්‌ මහතා 1995 දී විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයට සම්බන්ධ වූ අතර ඉතාම මෑතක දී පේරු රාජ්‍යයේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා වශයෙන් සේවය කළේ ය. ඊට පෙර ඔහු කොලොම්බියාවේ හා මොස්කව්හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයන්හි සේවය කළේ ය.

එසේම ඔහු දකුණු ආසියානු හා යුරෝපීය සංගම් කටයුතු පිළිබඳව ලන්ඩනයෙහි ද වැඩ කළේ ය.

ඩෝරිස්‌ මහතාට කේම්බ්‍රිජ් සරසවියේ නීතිය පිළිබඳ උපාධියක් තිබෙන අතර විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයට සම්බන්ධවීමට පෙර අවුරුදු ගණනාවක්ම ලන්ඩනයෙහි සොලිසිටර්වරයෙකු ලෙස කටයුතු කළේ ය.

පළ කළේ 29 April 2015