ලෝක පුවත් කතාව

2016 ජූනි 29, අයිතම 2 යටතේ මානව හිමිකම් කවුන්සිලයේ 32 සැසියේ ප්‍රකාශනය

අංක 2 යටතේ එක්සත් රාජධානියේ ප්‍රකාශනය

The Human Rights Council takes place at the Palais des Nations in Geneva

The Human Rights Council takes place at the Palais des Nations in Geneva

2016 ජූනි 29, අයිතම 2 යටතේ මානව හිමිකම් කවුන්සිලයේ 32 සැසියේ ප්‍රකාශනය

ස්තුතියි, සභාපතිතුමනි.

එක්සත් රාජධානිය මහකොමසාරිස්වරයාගේ යාවත්කාලීනය සාදරයෙන් පිළිගනී.

2015 මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය හා එහි අන්තර්ගතයේ හිමිකම සන්ධිස්ථානමය මොහොතක් විය. 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම ඔස්සේ ගැටුමේ උරුමයට ආමන්ත්‍රණය කිරීමේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඛණ්ඩ අධිෂ්ඨානය අපි සාදරයෙන් පිළි ගනිමු. අතීතය සමග කටයුතු කිරීමේ විස්තීරණ ප්‍රවේශයක්, රාජ්‍ය ආයතන තුළ විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීම හා එහි සියලු ජනතාවන් සඳහා සාධාරණ දේශපාලන විසඳුමක් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය ය.

ශ්‍රී ලංකාව ඇති කර තිබෙන ප්‍රගතිය, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්ගේ සංචාර ඇතුළු එක්සත් ජාතීන් සමග කටයුතුවල වර්ධිත නියැලීම; අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලයක් සඳහා වන පනතක් සභාගත කිරීම; බලහත්කාර අතුරුදහන් කරවීම් පිළිබඳ සම්මුතිය අපරානුමත කිරීම; ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට මුලපිරීම; සිවිල් සමාජය හා මානව හිමිකම් ආරක්ෂකයින් සඳහා වර්ධිත පරිසරයක් ඇති කිරීම පිළිගැනීමෙහිලා අපි මහ කොමසාරිස්වරයා සමග එක් වෙමු. ජාතික මානව හිමිකම් කොමිසම අනෙකුත් මණ්ඩල ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සහයෝගී වීම හා ගරු කිරීම අවශ්‍ය ය යන ඔහුගේ අදහස අපි අනුමත කරමු.

කෙසේ වුව ද එය දී තිබෙන පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තවමත් බොහෝ දේ කළ යුතුව තිබේ. මේ සඳහා නිර්භීත හා අධිෂ්ඨාන සහගත දේශපාලන නායකත්වයක් අවශ්‍ය කරනු ඇත. උතුරෙහි හමුදාව විසින් අත්පත් කර ගෙන සිටින බොහොමයක් සිවිල් ඉඩම් නිදහස් කළ යුතු ය. ආණ්ඩුව හැකිතාක් ඉක්මනින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කළ යුතු ය. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා දේශපාලන අධිකාරය බෙදා හරින බවට වූ එහි පොරොන්දුව ඉටු කරන්නැයි ද අර්ථවත් උපදේශන හා පලදායී සාක්ෂිකරු ආරක්ෂාව මගින් සවිමත් කරන ලද විශ්වසනීය සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණයන් ඇති කරන්නැයි ද අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
එක්සත් රාජධානිය 30/1 යෝජනාව සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින අතර මේ අරමුණ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට ආධාර කිරීමට අපි සූදානම්ව සිටිමු.

බුරුමයෙහි රොහින්ග්යා මුස්ලිම්වරුන් හා අනෙකුත් සුළුතර ජනයාට අයත් පුද්ගලයින් සම්බන්ධ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඔහුගේ වාර්තාව සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයාට අපි ස්තුති කරමු. එක්සත් රාජධානිය මෙම කවුන්සිලයේ දී බොහෝ අවස්ථාවල රඛිනාහි තත්ත්වය පිළිබඳව සිය සැලකිල්ල ප්‍රකාශකර තිබේ. වාර්තාව දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු කරන ලද උල්ලංඝනයන් හා අපයෝජනයන්ට සම්බන්ධ ඉතා බරපතල සොයා ගැනීම් ගණනාවක් අඩංගුකර ගනී. රඛිනා පිළිබඳ නව ආණ්ඩුවේ වේලාසන මුලපිරුම් හා සාම ක්‍රියාවලිය යළි පණ ගැන්වීමේ එහි ප්‍රයත්න අපි සාදරයෙන් පිළි ගනිමු. වාර්තාවේ නිර්දේශ ඉදිරියට ගෙනයාමට මහ කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය සමග කටයුතු කරන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. ස්තුතියි, සභාපතිතුමනි.

පළ කළේ 29 June 2016