ලෝක පුවත් කතාව

ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීම සඳහා අප එහි අච්චුව කඩා බිඳ දැමීම අවශ්‍ය ය.

එක්සත් රාජධානියේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ගරු විලියම් හේග් හා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත ඇන්ජලිනා ජොලී විසින්.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
William Hague

William Hague

සන්නද්ධ මිනිසුන් විසින් ඔබේ පවුලේ සාමාජිකයෙකු ඔබේ නිවසින් ගෙන ගොස් දූෂණය කරනු ලැබීම හෝ ලිංගික වහල්කමට විකුණනු ලැබීම හෝ සිරගත කරනු ලැබීම හෝ ලිංගික වශයෙන් වධ බන්ධනයට පත් කරනු ලැබීම දකිනවා යයි සිතන්න. එය ඔබේ රටේ වෙනත් ස්ත්‍රීන්, පුරුෂයින් හා ළමුන් දස දහස් ගණනකට අවුරුදු ගණනාවක් පුරා සිදුවන බව හා ඔවුන් එම අනතුරුදායක හා බෙහෙවින් අප්‍රසන්නකර පරිසරයක ජීවත්වන බව සිතන්න. එසේම දූෂකයන්ට ඔවුන්ගේ ජීවිතවල ඉතිරි කාලය තුළ නිදහසේ පියමං කිරීමට ඉඩ දී තිබුණේ නම් ඔබට හැඟෙනු ඇත්තේ කෙසේ දැ යි සිතන්න. යුද කලාප ලිංගික හිංසනයට පාත්‍ර වූවන් දශ ලක්ෂ දෙනා සම්බන්ධ යථාර්ථය හා අපේ ව්‍යාපාරයට හේතුව මෙය යි. අප එකට එක් වූයේ එක් විශේෂිත රටක්, එනම් බොස්නියාව සම්බන්ධයෙන් අපේ පැවති සමීපතාවය නිසා ය. එහි වසර හතරක ගැටුම් කාලය සමයේ 50,000 ක් පමණ ස්ත්‍රීන් ද නොදන්නා ප්‍රමාණයක් පුරුෂයින් ද ලිංගික දූෂණයට භාජනය කරනු ලැබිණි. බොස්නියාව පිහිටා තිබෙන්නේ යුරෝපයේ හදවතේ, ලෝකයේ ඉතාමත් ස්ථාවර හා සාමකාමී කලාපයේ ය. එහෙත් එම වින්දිතයන්ගේ අති විශාල සමූහය සඳහා යුක්තිය ඉටු වීමක් නොමැතිව අවුරුදු විස්සක් ගෙවී ගොස් තිබේ. අපේ ජීවිත කාල තුළ සෑම මහා-ද්වීපයකම හා සෑම ප්‍රධාන ගැටුමක දී ම යුද්ධයේ අවියක් ලෙස ලිංගික දූෂණය පුන පුනා යොදා ගෙන තිබේ. එය ලිංගික කටයුතු සමග කිසි සම්බන්ධයක් නොමැති වූවක් වන අතර සියල්ල බලය ද අභිභවනය කිරීමේ හා නින්දාවට පත් කිරීමේ ආශාව ද සමග සම්බන්ධ වූවකි. ක්‍රියාවේ ස්වභාවය ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයටම අයත් වින්දිතයින් යාවජීව හුදෙකලාවකට හා භීතියකට ඇද දමයි. ඇතැම් රටවල ලිංගික දූෂණයට පාත්‍ර වූවන් ගණිකාවන් ලෙස සලකනු ලබන අතර විවාහයට වැද්ද නොගැනීමට ද විවාහය සඳහා නුසුදුසු යයි ද සලකනු ලැබීමට ද පාත්‍ර වේ. සමාජ පිළි ගැනීමෙන් තොර බොහෝ දෙනා ලජ්ජාවෙන් හා මානසික පීඩාවෙන් කල් ගෙවන අතර කායික තුවාලවලින් කැලල්වී තිබේ. නෛතික පිළි ගැනීමක් නොමැති ඔවුන්ට බොහෝ විට මූල්‍ය සහාය හා සෞඛ්‍යාරක්ෂණය නොලැබේ. නැතහොත් ඔවුන් අත්විඳි දේ වලින් ගොඩ ඒමට අවශ්‍ය කරන උපදේශනය නොලැබේ. වින්දිතයින් බොහෝ විට තරුණ ළමුන් වන අතර ඔවුන්ගේ සිරුරු, සිත් හා අනාගතය පිළියම් කළ නොහැකි සේ හානියට පත් කරනු ලැබිය හැකි ය. නිතරම වාගේ ඊ ළඟ පරම්පරාවට - දූෂණය නිසා උපදින ළමුන්ට හෝ වින්දිතයින්ගේ පවුල්වලට සම්බන්ධවන අපකීර්තියේ විඛාදන බලය එබඳු ය. යුද කලාප දූෂණය වටා පවතින මෙම බලගතු චාරිත්‍රය, එහි පරිමාණය හා බරපතලභාවය පුළුල්ව වටහා නොගන්නේ මන් ද යන්න ද පැහැදිලි කරයි. එහෙත් අපේම අත්දැකීමේ සිට බලන විට මෙම කතා අහන ඕනෑම කෙනෙක් එවැනි අසාධාරණයට එරෙහිව ස්වභාවයෙන්ම සිය ආත්මීය කැරල්ල කරා පැමිණේ. ගැටුම්වලදී සිය ජීවිත පුද කරන ලද ජනයා උදෙසා ලෝකය මුළුල්ලේ ස්මාරක ඉදි කෙරේ. පසුගිය අවුරුදු සියය තුළ ගැටුම්වල දී ලිංගික දූෂණයට ගොදුරු වූ සියල්ලන්ගේ පීඩාව වාර්තාගත කිරීමට කෙතරම් සුවිශාල ප්‍රාසාදයක් අවශ්‍ය වනු ඇත්දැයි සිතන්න. ඔබ මෙම වචන කියවන විට සිරියාවේ, දකුණු සුඩානයේ, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ හා අනෙකුත් රටවල සිදුවන මෙම අපරාධ නිසා සෑම දිනකම අලුත් නම් කෙටීමට සිදුවනු ඇත. අප බලවේගයන්ට සම්බන්ධව සිටින්නේ නොසෙල්විය හැකි දැඩි විශ්වාසයන් කිහිපයක් නිසා ය. පළමුව, ලිංගික දූෂණය හා ලිංගික හිංසනය වැළක්විය නොහැක්කක් නොව නතර කළ හැකි, වැළක්විය හැකි හා දඬුවම් දිය හැකි සැලසුම් සහගත යුද උපක්‍රමයක් බව අපි ඒත්තු ගෙන සිටිමු. දෙවනුව, මූලික ප්‍රශ්නය යුක්තිය බව අපි විශ්වාස කරමු. සෑම විටම මෙම අපරාධ සිදු වෙන අතර ලෝකය කිසිවක් නොකරයි. ගොඩ නගා ඇති පූර්වාදර්ශයක් වන්නේ වින්දිතයින් නයිජීරියාවේ පාසල් ශිෂ්‍යාවන් හෝ සිරියාවේ සරණාගතයන් වුව දණ්ඩන මුක්තියෙන් යුතුව ලිංගික හිංසනය යොදා ගත හැකිය යන්න ය. තෙවනුව මෙය සදාචාරාත්මක වගකීමකි. කිසිදු රටකට ඒවා මානව අයිතීන් විශ්වාස කරන බව හා ගැටුම තුළ ලිංගික හිංසනය සිදු නොවන බව බොරුවට අඟවමින් ඒ පිළිබඳව කිසිවක් කරන්නට නැතැයි කිව නොහැකි ය. එසේම එය අස්ථායිතාවය හා ගැටුම අවුළුවන ඉතා වැදගත් විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්නයකි. එය අවසන් කිරීම ජාතික ආරක්ෂක අනිවාර්යයකි. සිව්වනුව, සෑම තැනකම ගැටුම තුළ ලිංගික හිංසන‍යේ දී පිරිමින් හා පිරිමි ළමුන් ද වින්දිතයන් වන අතර ස්ත්‍රීන්ගේ අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පැකිලෙයි. සෑම දිනකම අපි අපයෝජනීය සැමියන්ගේ අත්හි හෝ බිහිසුණු නෛතික ක්‍රමවල දී සිදුවන ස්ත්‍රීන්ගේ පීඩාවන් පිළිබඳව කියවමු. ගැටුම තුළ ලිංගික හිංසනය සඳහා වන දණ්ඩන මුක්තිය සිඳ බිඳ දැමීමට අපට හැකි නම් එවිට අපට වෙනත් බොහෝ වටපිටාවන් තුළ ස්ත්‍රීන් සම්බන්ධ ආකල්පයන්හි වෙනසක් කඩිනම් කරන්නට හැකි ය. පස්වනුව, අප දෙදෙනාම ගැටුම තුළ ලිංගික හිංසනය හුදෙක් විස‍ඳීමට නොහැකි තරම් ඉතා සුවිශාල හා සංකීර්ණ ප්‍රශ්නයක්ය යන්න පිළි ගැනීම ප්‍රතික්ෂේප කරමු. වහල් වෙළඳාම හෝ නීති විරෝධී අවි ජාවාරම තහනම් කිරීම සම්බන්ධයෙන් එම දෙයම කියනු ලැබිණ. මහජන මතය අවුළුවනු ලැබූ විට හා ආණ්ඩුමත් උනන්දු වූ විට වෙනස කඩිනම් කළ හැකි ය. මෙය දැන් සිදු වෙමින් පවතින බවට සාක්ෂි තිබේ. ලෝකයේ සියලු ජාතීන්ගෙන් ¾ කට වැඩි ප්‍රමාණයක් අප පසුගිය අවුරුද්දේ ඉදිරිපත් කරන ලද ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීමට කැපවීමේ ප්‍රකාශනය අනුමත කර තිබේ. එසේම පසුගිය සතියේ අපි ලන්ඩනයේ දී 100 කට වැඩි ආණ්ඩු නියෝජිතයින් ද එක්සත් ජාතීන්ගේ එජන්සි ආයතන 8 ක ප්‍රධානීන් ද දහසකට ආසන්න විශේෂඥයින් ද සහභාගි වූ ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීමේ ගෝලීය සමුළුවට සත්කාරත්වය ලබා දුනිමු.
අපි ගැටුම තුළ ලිංගික හිංසනය ප්‍රලේඛනය කරන්නේ හා විමර්ශනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ එතෙක් මෙතෙක් වූ ප්‍රථම ජාත්‍යන්තර මූල ලේඛය (Protocol) දියත් කළෙමු. වසරකට අධික කාලයක සම්පාදනය කිරීමේ හා සිය ගණනක් විශේෂඥයින් කටයුතුවල ප්‍රතිඵලයක් වන එය ලිංගික ප්‍රහාරයක දුර් විපාකයේ තොරතුරු හා සාක්ෂි සංරක්ෂණය කිරීමට, සාර්ථක නීති කෘතීන් සඳහා ඉඩ ප්‍රස්ථාවන් දියුණු කිරීමට හා වින්දිතයන් ක්ෂිතියෙන් ආරක්ෂා කිරීමට විමර්ශකයින්ට උපකාරීවනු ඇත. ලිංගික දූෂණය හා හිංසනය පිළිබඳ තමන්ගේ නීති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන තත්ත්වයට ගෙන එන්නැයි අපි ආණ්ඩුවලින් ඉල්ලා සිටිමු. සියලුම සොල්දාදුවන් හා සාම සාධකයින් යුද කලාප ලිංගික හිංසනය තේරුම් ගැනීමට හා වැළක්වීමට පුහුණු කළ යුතු යයි අපි ඉල්ලා සිටිමු. දර එකතු කිරීම සඳහා ස්ත්‍රීන් එක්ක යන සරණාගත කඳවුරුවල ආලෝකන පද්ධති ස්ථාපනය කිරීමෙන් ලිංගික ප්‍රහාරයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කළ හැකි අතර මෙම මූලික ආරක්ෂණයන් විශ්වීය බවට පක් කිරීම අපට උවමනා ය. ලිංගික හිංසනය සම්බන්ධයෙන් කිසිදාක සමාවන් ප්‍රදානය නොකරන ලෙස ද ජෝසප් කෝනි වැනි ඉතාමත්ම කුප්‍රකට අවශ්‍යව සිටින මිනිසුන් ලුහුබඳින ලෙස ද අපි රටවලින් ඉල්ලා සිටිමු. එසේම වින්දිතයින් සඳහා හා ඔවුන් සමග වැඩ කරන කණ්ඩායම් - අප පදනම් වන්නේ ප්‍රශංසා නොලබන ඔවුන්ගේ වැඩ මතය- සඳහා අපි අළුත් අරමුදල් ඉල්ලා සිටිමු. යුද කලාප ලිංගික හිංසනය එක රැයකින් අහෝසි කිරීමට සම්මත කළ හැකි නීතියක් හෝ අනුමත කළ හැකි ගිවිසුමක් ඇත්තේ නැත. මෙය අපේ පරම්පරාව උදෙසා වන අභිප්‍රායකි. සත්‍යය වන්නේ ආණ්ඩු පමණක් විසින්ම මෙය කිසිදාක ඉටු කිරිමට නොහැකි වන බව ය. ගැටුම තුළ ලිංගික හිංසනය තුරන් කිරීම සඳහා අප එහි අච්චුව කඩා බිඳ දැමීම අවශ්‍ය කරයි. යෝධ ගෝලීය ප්‍රශ්න විසඳීමට කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ආණ්ඩු, පුරවැසියන් හා සිවිල් සමාජය නව මාදිලියක් තුළ එක්ව වැඩ කිරීම අපට අවශ්‍ය ය. ලෝකයේ ක්‍රෑරත්වයේ අවි ගබඩාවෙන් යුද අවියක් ලෙස ලිංගික දූෂණය ඉවත් කළ හැකි වනුයේ අපේ එක්වු බලය තුළ ය. එසේම වින්දිතයන් සමාජ බැහැරයන් ලෙස නොව නිර්භීත වින්දිතයන් ලෙස සංග්‍රහ කිරීම ඇත්තේ අපේ අත්හි ය.

පළ කළේ 27 June 2014