Robbie Bulloch

චරිතාපදානය

රොබී බලොක් 2011 ජූලි 11 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නියෝජ්ය මහකොමසාරිස් වශයෙන් සිය තනතුරේ වැඩ භාර ගත්තේය.

මෙම පත්වීම ලැබීමට පෙර රොබී 2007 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා මැඩ්රිඩ් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කළ අතර ඔහු එහි දේශපාලන අංශයේ නියෝජ්‍ය ප්‍රධානී සහ අධිකරණ හා ස්වදේශ කටයුතු පිළිබඳ ප්‍රථම ලේකම්වරයා විය.

2005-2007 කාලය තුළ ඔහු බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ජෝන් ප්රෙස්කොට් මැතිතුමාගේ විදේශ කටයුතු උපදේශක වශයෙන් සේවය කළ අතර, යුරෝපා සංගමයේ එක්සත් රාජධානි සභාපතිත්වය, චීනය සමග එක්සත් රාජධානියේ සබඳතා, දේශගුණ විපර්යාස සහ තිරසාරභාවය පිළිබඳ කාර්යන් එම තනතුරේ කටයුතුවලට ඇතුළත් විය.

එයට පෙර (2004-2005) රොබී ලන්ඩනයේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයේ යුරෝපා සංගම් අධයක්ෂ කාර්යාංශයේ කණ්ඩායම් නායකයකුව සිටියේය. විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයට බැඳීමට පෙර (2000-2004) රොබී අපරාධ හා විශෝධන ප්‍රතිපත්තිය, උදර්පනය හා සංක්‍රමණය පිළිබඳ කටයුතු ආවරණය කරමින් එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලයේ සේවය කළේය. එමෙන්ම ඔහු 2002-2003 වකවානුවේදී බ්රසල්ස් නුවර යුරෝපා කොමිසමේ කෙටි කාලීන කාර්ය පැවරුමක් ඉටු කළේය.

බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් සේවය කිරීමට පෙර රොබී ගුරුවරයකු හා පරිවාස නිලධාරියකු ලෙස ලන්ඩනයේ සේවය කළේය. රොබී බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්වවිද්යාලයේ ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ අධ්‍යයනය සඳහා වූ උපාධියක්ද, ලන්ඩනයේ කිංස් කොලීජියෙන් ඉංග්‍රීසි පිළිබඳ ශ්‍රාස්තපති උපාධියක්ද ලබා තිබේ. ඔහු සමග ඔහුගේ බිරිඳ වන ක(ර්)ස්ටි සහ දරුවන් තුන් දෙනා ද කොළඹට පැමිණ සිටිති

රජයේ පෙර භූමිකාවන්

  • Deputy Head of Mission, Germany
  • British Deputy High Commissioner to Sri Lanka