ලෝක පුවත් කතාව

මහ රැජිනගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවනය ශ්රී ලංකාවේ

මහ රැජිනියගේ පණිවිඩය පොදු රාජ්යත මණ්ඩලය මුළුල්ලේ සැරිසරයි

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
The Queen’s Baton Relay unites the two billion citizens of the Commonwealth in a celebration of sport, diversity and peace.

The Queen’s Baton Relay unites the two billion citizens of the Commonwealth in a celebration of sport, diversity and peace.

2014 ග්ලාස්ගෝවල පොදු රාජ්යg මණ්ඩලීය ක්රී/ඩා තරගවලට පෙරාතුව 2013 ඔක්තෝබර් 13 සෙනසුරාදා මහ රැජිනියගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවන කණ්ඩායම ශ්රීත ලංකාවට පැමිණීම කොළඹ බ්රිැතාන්යය මහ කොමසාරිස් කාර්යාලය උත්සවශ්රීතයෙන් පිළි ගනු ලැබී ය. උත්සවය ආරම්භ කෙරුණේ පොදු රාජ්යග මණ්ඩලීය සාරධර්ම දහසය නියෝජනය කරමින් බ්රි්තාන්යෙ මණ්ඩලයේ “ පංති කාමර යා කිරීමේ” ව්යායපෘතියෙහි ළමුන් දහසය දෙනෙකු හා ග්ලාස්ගෝ වලින් පැමිණි මහ රැජිනියගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවන කණ්ඩායම ‍කොළඹ මධ්යදයේ නිදහස් චතුරශ්රලය වටා ධාවනයේ යෙදීමෙනි.

මින් අනතුරුව ජාතික ඔලිම්පික් කමිටුව, ක්රී‍ඩා අමාත්යාංරශය හා තැපල් සේවා අමාත්යාං ශය සමග සහයෝගයෙන් යුතුව බ්රිිතාන්යෘ මහ කොමසාරිස්වරයාගේ නිල නිවාසය වන වෙස්මිනිස්ටර් හවුස්හි දී මාධ්යය සමුළුවක් පැවැත් විණ. එහි දී තැපල්පතිවරයා සිද්ධිය සංකේතවත් කරනු පිණිස මුල් දින කවරයක් නිකුත් කළේ ය. මාධ්ය සාකච්ඡාවෙන් පසු පිළිගැනීමේ උත්සවයක් පවත්වන ලද අතර එහි දී 2012 පොදු රාජ්ය මණ්ඩලීය රචනා තරගයේ සමස්ත ජයග්රා හිකාව වූ ෂේනුකා කොරයා මහ රැජිනියගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවනයට සහභාගිවන සියලු රටවල් කරා ගෙන යන යෂ්ටි පොතට අත්සන් තැබුවා ය.

උත්සවයට සහභාගි වූවෝ අතර ක්රීාඩා අමාත්යර ගරු මහින්දානන්ද අලුත්ගමගේ, තැපල් සේවා අමාත්ය ගරු ජීවන් කුමාරතුංග හා තැපල් සේවා නියෝජ්ය අමාත්යා ගරු සනත් ජයසූරිය ද වූහ.

මහ රැජිනියගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවනය පොදු රාජ්යය මණ්ඩලීය තරගාවලියේ ඔලිම්පික් පන්දමේ අනුරූපිකය යි. එය එළඹෙන තරගාවලිය ගැන පෙර දැනුම් දීම කරන අතර මහ රැජිනිය ගේ අත් අකුරෙන් ලියන ලද පණිවිඩයක් අඩංගු කර ගනී. එම පණිවිඩය පොදු රාජ්යම මණ්ඩලීය තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී නිල වශයෙන් මහ රැජිනිය විසින් හෝ ඇගේ නියෝජිතයෙකු විසින් ශබ්ද නගා කියවනු ලැබේ.

උත්සවයේ දී කතා කරමින් බ්රියතාන්යි මහ කොමසාරිස් ජෝන් රැන්කින් මෙසේ පැවසී ය. “මහ රැජිනියගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවනය ක්රීකඩාවේ, විවිධත්වයේ හා සාමයේ උත්සවයක දී පොදු රාජ්යය මණ්ඩලයේ පුරවැසියන් බිලියන දෙකක් එක්සත් කරයි. යෂ්ටිය මාරු කරනු ලබන සෑම අවස්ථාවක දීම එය පොදු රාජ්යල මණ්ඩලීය ජාතීන් අතර අචලව පවතින මිත්රනත්වය ශක්තිමත් කරයි. 2007 නොවැම්බර්හි කොළඹ පැවති පොදු රාජ්යන මණ්ඩලීය ක්රීිඩා ‍ ‍පෙඩරේෂණයේ මහ සභාවේ දී ග්ලාස්ගෝවල ක්රීැඩා උළෙල පැවැත්වීමට ගන්නා ලද තීරණය පරිදි ශ්රී‍ ලංකාවට යෂ්ටිය ගෙන ඒම උණුසුම්ව පිළිගැනීමට ලැබීම ගැන අපි විශේෂයෙන්ම මහත් සේ සතුටු වෙමු.

විවිධත්වය ඔස්සේ ක්රීලඩාව හා එක්සත්බව මගින් රටවල් අතර සබඳතා කළමනාකරණයේ මෙම පණිවිඩය ගෙන යමින් නා නා විධවූ කලාපයක් එනම් පොදු රාජ්යත මණ්ඩලය පුරා ඔවුන් ගමනේ යෙදෙන විට මහ රැජිනියගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවන කණ්ඩායමට අපි අපේ උණුසුම් සුබ පැතුම් පිරි නමමු. ” 2014 ග්ලාස්ගෝ පොදු රාජ්ය මණ්ඩලීය ක්රී ඩා උළෙල සඳහා වන මහ රැජිනියගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවනය දියත් කෙරුණේ 2013 ඔක්තෝබර් 9 දින බකින්හැම් මාලිගයේ සිට ය. පළමු යෂ්ටි ධරයා වූයේ 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේ දී පිරිමි මීටර 100 රන් පදක්කම දිනූ ස්කොට් ජාතික කෙටි දුර ධාවකයෙකු වූ ඇලන් වෙල්ස් ය. දින 288 ක් පුරා වන ධාවනයේ දී යෂ්ටිය ආසියාවේ, ඕෂානියාවේ, අප්රිෙකාවේ, උතුරු හා දකුණු ඇමෙරිකාවේ හා කැරිබියානු ප්රේදේශයේ පොදු රාජ්ය මණ්ඩලීය රටවල් ඔස්සේ කිලෝ මීටර 190,000 ක් දුර ගෙවමින් තරග වදින ජාතීන් හා භූමි ප්ර දේශ 70 වේ ම සංචාරයේ යෙදෙනු ඇත. යෂ්ටි ධාවනය අවසන් වනුයේ 2014 ජූලි 23 ක්රී‍ඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී ය. මහ රැජිනියගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවනය ඔක්තෝබර් 19 සිට 21 දක්වා කොළඹ හා නුවර අවට සංචාරය කරනු ඇත. වැඩිමනත් තොරතුරු සඳහා මහ රැජිනියගේ පණිවිඩය සහිත යෂ්ටිය රැගත් ධාවනය පිළිබ‍‍ඳ BBC බ්ලොග් හා සම්බන්ධ වන්න http://www.bbc.co.uk/news/blogs/queens_baton_relay/

පළ කළේ 23 October 2013