වේල්ස් කුමරු සහ කෝර්න්වෝල් ආදිපාදවරිය ඉන්දියාවේ හා ලංකාවේ සංචාරයක
2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී (CHOGM) එලිසැබෙත් මහා රාජිණිය නියෝජනය කරමින් වේල්ස් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීම.

The Prince of Wales and Duchess of Cornwall
2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී (CHOGM) එලිසැබෙත් මහා රාජිණිය නියෝජනය කරමින්වේල්ස් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වේල්ස් කුමරු හා කෝර්න්වෝල් ආදිපාදවරිය ඉදිරි මාසයෙහි දින නවයක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙනු ඇත.
මෙම සංචාරය රාජකීය යුවල එක්ව ඉන්දියාවේ කරන තුන්වන සංචාරය වේ. ඔවුන් සංරක්ෂණය,අධ්‍යාපනය, වැඩෙන වෙළෙඳ සබඳතා, ස්ත්‍රීන් බලසතු කිරීම හා පුහුණු කිරීම වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ශක්තිමත් එක්සත් රාජධානි-ඉන්දියා හවුල්කාරිත්වයක් ප්‍රවර්ධනය කිරීමේ පුළුල් පරාසයක කටයුතුවල නිරත වනු ඇත. එසේම ඔවුන්ට රටවල් දෙක අතර ආගමික විවිධත්වය, නිර්මාණකත්වය හා උද්දීප්ත පුද්ගල පවුල් සබඳතා විධි සිද්ධි කිරීමේ අවස්ථාව ද ලැබෙනු ඇත.
ඔවුන්ගේ මේ දක්වා වන ඉතාමත්ම පුළුල් ඉන්දීය සංචාරයේ දී කුමරු හා ආදිපාදවරිය දෙහ්රාදුන්, නව දිල්ලිය, මුම්බායි, පූනේ හා කොචි හි සංචාරය කරන අතර ඉන්දියාවේ ඉහළ පෙළේ දේශපාලන, වෙළෙඳ හා සංස්කෘතික නායකයන් ද මුණ ගැසෙති.
කුමරු කේරළයේ මහ පාරෙන් ඈත “හස්ති ආලින්දයක” සංචාරයක යෙදීම, ආදිපාදවරිය සම්මානනීය ඩූන් පාසලේ සංචාරයක යෙදීම හා රාජකීයයන් දෙදෙනාම ඉන්දීය යුද ඇකඩමියෙහි සංචාරය කිරීම හා මුම්බායි දී බොලිවුඩ් රස පිරි උත්සවාකාර රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගිවීම ඇතුළු විශේෂිත අවස්ථාවන්ට සහභාගි වෙනු ඇත. එසේම ඔවුහු ඉන්දියාවේ දී යුදවිරු අනුස්මරණ ඉරිදාවට ද සම්බන්ධ වෙති.
ශ්‍රී ලංකාවේ දී වේල්ස් කුමරු කොළඹ පැවැත්වෙන 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ දී (CHOGM) නිල වශයෙන් එලිසැබෙත් මහා රැජිණ නියෝජනය කරනු ඇත. රාජකීයයෝ දෙදෙනාම නිල සමාරම්භක උත්සවයට සහභාගි වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් සඳහා කුමරු විසින් පවත්වනු ලබන රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වෙති. කුමරු සමුළුවට අදාළ ප්‍රධාන ප්‍රශ්න පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් හා අනෙකුත් අය සමග හමුවීම් සුළු සංඛ්‍යාවක් පවත් වනු ඇත. එසේම කුමරු හා ආදිපාදවරිය මානසික සෞඛ්‍ය මුලපිරුමක, රෝහළක හා තේ වත්තක සංචාරයක් ඇතුළු නිල සහභාගිත්ව වැඩ සටහනකට ද සහභාගි වනු ඇත. කුමරුගේ අවසාන සංචාරය සිදු වූයේ නත්තල් දිනට පසු දින සුනාමි ව්‍යසනය සමයේ දී ය.
2000 ට්‍රිනිඩෑඩ් හි බටහිර ඉන්දීය විශ්ව විද්‍යාලයේ දී “නව සහශ්‍රයේ පොදු රාජ්‍ය මණ්ඩලය” මැයෙන් පවත්වන ලද කථාවක දී වේල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලයේ සුවිශේෂත්වය හා අදාළත්වය පිළිබඳව විස්තර මෙසේ විස්තර කළේ ය. “මට දිගු කාලයක් පුරා පොදු රාජ්‍ය මණ්ඩලයේවටිනාකම පිළිබඳ සහජ හැඟීමක් තිබුණි. එය සංස්කෘතික විවිධත්වය දිරි ගන්වනු හා උත්කර්ශයට නංවනු ලබන අතර සමජාතීකරණය කිරීමට උත්සාහ නොදරයි.”
වේල්ස් කුමරු හා පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා http://www.princeofwales.gov.uk/focus/realms-and-commonwealth