ලෝක පුවත් කතාව

මරණිය දණ්ඩනයට එරෙහි ලෝක දිනය සැමරීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විසින් කරන ලද ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අති ගරු ජෝන් රැන්කින් විසින් මරණිය දණ්ඩනයට එරෙහි ලෝක දිනය සැමරීම වෙනුවෙන් 2014 ඔක්තෝබර් මස 10 වැනි සිකුරාදා ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබී ය.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
2014 October 10th is the fourteenth commemoration of The World Day Against the Death Penalty

2014 October 10th is the fourteenth commemoration of The World Day Against the Death Penalty

“අද මරණිය දණ්ඩනයට එරෙහි ලෝක දිනයේ දහ හතරවන සැමරුම් දිනය යි. එක්සත් රාජධානිය- සහෝදර යුරෝපීය සංගම් සාමාජික රාජ්‍යයන් හා එක්ව- මරණීය දණ්ඩනය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි බලගතු පක්ෂවාදී රාජ්‍යයකි. එය යොදා ගැනීම මානව අභිමානය යටින් බිඳ දමයි. බරපතල අපරාධයක් සම්බන්ධයෙන් එහි නිවාරක වටිනාකමක් තිබෙන බවට නිශ්චිත සාක්ෂියක් ඇත්තේ නැත. එසේම එය පැන වීමෙන් මග පාදන යුක්තියේ යම් අවගමනයක් ආපසු හැරවීමට හා පිරිමැසීමට නොහැක්කක් ද වෙයි. මේ අවුරුද්දේ අගෝස්තු එක්සත් රාජධානියේ අවසාන මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් පසු අවුරුදු 50 සලකුණු කරයි. මරණ දණ්ඩනය අහෝසි කිරීම එක්කෝ පහසු නැතහොත් හැමවිටම වහාම ජනප්‍රිය වන්නක් නොවිය හැකි ය. එහෙත් 1950 හා 1953 යුක්තියේ අවගමනය සිදු වූ ප්‍රධාන නඩු දෙකක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මරණ දණ්ඩනය භාවිතා කිරීම සීමා කිරීමට යොමු කළේ ය. අවසානයේ එය 1998 දී ව්‍යවස්ථා පොත්වලින් අහෝසි කරනු ලැබී ය. පසු ගිය අවුරුද්දේ ජනවාරියේ දී ශ්‍රී ලංකාව සෞදි අරාබියේ දී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වූ රිසානා නෆීක් මරණ දණ්ඩනයට පත් කිරීමෙන් කම්පනයට හා ශෝකයට පත් කෙරිණ. අනෙකුත් අය සමග එක්සත් රාජධානිය ද විශේෂයෙන් රිසානා චූදිත ඝාතනය සිදු කරන විට බාල වයස්කාරියකව සිටි හෙයින් අනුකම්පාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය. ඇයට දයාවක් නොදැක්වීම පිළිබඳව ලෝකය මුළුල්ලේ බොහෝ දෙනා වැලපුනි. මෙම අවුරුද්දේ අවසානයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මරණ දණ්ඩනය භාවිතයට යෙදීම සම්බන්ධව තාවකාලික තහනමක් පැනවීම පිළිබඳ පස් වෙනි යෝජනාවට ඡන්දයක් පවත්වනු ඇත. ප්‍රවනතාව පැහැදිලි ය. 2012 රාජ්‍යයන් 111 ක් මගින් ඡන්දය දීම මගින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව තහනම් කිරීමට පක්ෂව විශාලතම ඡන්ද ප්‍රකාශ කිරීම පෙන්නුම් කරනු ලැබී ය. එසේ වුව ද 1976 සිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකළ ද ශ්‍රී ලංකාවෙහි තවමත් මරණ දණ්ඩනය පැනවීමේ ව්‍යවස්ථාමය විධිවිධාන ඇත්තේ ය.රිසානාගේ මරණයේ මතකය මරණ දණ්ඩනය තාවකාලික තහනම් කිරීමකට පක්ෂව ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ කරවා ගැනීමට ද අවසානයේ දී එය සම්පූර්ණයෙන්ම අහෝසිකර තිබෙන වැඩිවෙමින් පවත්නා රටවල් අතරට සම්බන්ධ වීමට උදව් වනු ඇතැයි ද මම අපේක්ෂා කරමි.” මරණ දණ්ඩනයට එරෙහි අපේ මාධ්‍ය සමාජ ව්‍යාපාර ක්‍රියාකාරිත්වය වෙත එළඹීම සඳහා #nodeathpenalty onhttps://twitter.com/UKinSriLankaandhttps://www.facebook.com/bhccolombo. වෙත පිවිසෙන්න.

පළ කළේ 10 October 2014