ලෝක පුවත් කතාව

එක්සත් රාජධානි-ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන හවුල්කාරිත්වය ජෛව වෛද්‍ය විද්‍යාඥයින් සංවර්ධනය කරයි

2015 ජූනි 16 දින පැවති උත්සවයක දී නෝතම්බ්‍රියා සරසවිය සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) ශ්‍රී ලංකාවෙහි නෝතම්බ්‍රියා ජෛව වෛද්‍ය විද්‍යා උපාධිය ප්‍රදානය සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලබන බව ප්‍රකාශයට පත් කළේ ය.

The launch of Degree will help Sri Lanka to train up more professional biomedical scientists.

The launch of Degree will help Sri Lanka to train up more professional biomedical scientists.

උපාධි අධ්‍යයන වැඩපිළිවෙල විධි චාරිත්‍රව ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අති ගරු ජේම්ස් ඩූරෙස් මහතා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ය. මෙම පියවර ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) හා නෝර්තම්බියා සරසවිය අතර වසර දොළහක් දිගු හවුල්කාරිත්වයක තවත් සන්ධිස්ථානකි.

නිව්කාස්ල්හි පිහිටා ඇති නෝරතම්බ්‍රියා සරසවිය බ්‍රිතාන්‍යයේ හොඳම සරසවිවලින් එකක් ලෙස කීර්තියක් උසුලයි. නෝතම්බ්‍රියා සරසවි ව්‍යාපාර පාසල ව්‍යාපාර පාසල් සඳහා වන නිල පිළිගැනීම් සම්බන්ධ බලය ලත් ගෝලීය මණ්ඩලයක් වන ව්‍යාපාර පිළිබඳ උසස් විද්‍යාලයීය පාසල් සඳහාවන සංගමය (AACSB) විසින් පිළිගනු ලැබ තිබේ. එය නෝතම්බ්‍රියා සරසවිය ලොව මුළුල්ලෙහි ව්‍යාපාර පාසල්වලින් 5% පමණක් තනන විශිෂ්ඨ කාණ්ඩයකට ඇතුළත් කර තිබේ. ව්‍යාපාර කළමනාකරණ පාසල සිසුන්ට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හදාරන අතරතුර එක්සත් රාජධානියේ විශිෂ්ඨ සරසවි සමග එහි හවුල්කාරිත්වයන් ඔස්සේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකමක් ලබා ගැනීමට අවකාශ සලසන ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අයතනයකි. ව්‍යාපාර කළමනාකරණ පාසල උසස් කලා විද්‍යාගාර ඇතුළු නවීන පහසුකම් සැපයීමෙහිලා ආයෝජනය කර තිබෙන බව ව්‍යාපාර කළමනාකරණ පාසලේ (BMS) සභාපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. මෙහි සියලුම සිසුන්ට විශේෂඥ කතිකාචාර්යවරුන් හා ක්ෂේත්‍ර පර්යේෂකයින් සහිත ඉහළ තත්ත්වයේ ඉගෙනීමේ වටාපිටාවක් සහතික කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අති ගරු ජේම්ස් ඩූරෙස් මහතා ඔහුගේ පණිවිඩයෙහි මෙසේ පැවසීය, “පසුගිය වසර දොළහ තුළ ශ්‍රී ලාංකීය සිසුන්ට එක්සත් රාජධානි අධ්‍යාපනය වැඩි වැඩියෙන් ප්‍රවේශ විය හැකි එකක් බවට පත් කිරීමට ඔවුන් කර තිබෙන සියල්ල සම්බන්ධයෙන් මම නෝතම්බ්‍රියා සරසවියට සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසලට (BMS) ශුභාශිංසනය කරමි. නෝතම්බ්‍රියා සරසවියේ ජෛව වෛද්‍ය විද්‍යාවේදී ගෞරව උපාධිය ප්‍රදානය කිරීම සඳහා කටයුතු ආරම්භ කිරීම වඩ වඩාත් වෘත්තීය ජෛව වෛද්‍ය විද්‍යාඥයින් සහ ශ්‍රී ලංකාවෙහි වඩාත් ශක්තිමත් ඖෂධ හා වෛද්‍ය පරීක්ෂණ කර්මාන්ත ගොඩ නැගීමට අවශ්‍ය කුශලතාවන්ගෙන් යුත් පුද්ගලයින් පුහුණු කර ගැනීමට ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇත. උපාධිය අපේ රටවල් දෙක ඒ සා කාලයක් මුළුල්ලේ බුක්ති විඳින වැදගත් හා විවිධත්වයෙන් යුත් අධ්‍යාපන සබඳතාවන්ට සතුට ගෙන දෙන එකතුවකි. නෝතම්බ්‍රියා සරසවිය සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) අතර ඇති කර ගන්නා ලද මෙවැනි නවෝත්පාදනීය හවුල්කාරිත්වයන් ක්ෂේත්‍ර පුළුල් පරාසයක් සිසාරා අපේ රටවල් දෙක අතර බැඳීම් ශක්තිමත් කරනු ඇත.”

අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය, “ශ්‍රී ලංකා ආණ්ඩුව අපේ ජනතාවට හොඳම සෞඛ්‍යාරක්ෂණ සේවාවක් සැපයීමට කැපවී සිටී. සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිපත්තියේ වෙන් කළ නොහැකි කොටසක් ලෙස අපට වෛද්‍ය ක්ෂේත්‍රෙයහි පර්යේෂණ කරන වෘත්තීය විද්‍යාඥයින් අවශ්‍ය ය.”

අමාත්‍යවරයා රට වෙනුවෙන් වෘත්තීය පර්යේෂණ විද්‍යාඥයින් සංවර්ධනය කිරීම උදෙසා වන ඒවායේ කැපවීම සම්බන්ධයෙන් ආයතන දෙකේම උත්සාහයන් ඇගයීමට ලක් කළේ ය. උසස් ඉගෙනුම පිළිබඳ ආයතන දෙකම ඒවා චිරස්ථායි ආර්ථික සංවර්ධනයක් සඳහා උපකාරී විය හැකි ගුණාත්මක බවෙන් යුත් උපාධිධාරීන් බිහි කරන බව පෙන්නුම් කර තිබෙන බව ඔහු තවදුරටත් පැවසීය.

පළමු ශිෂ්‍ය කණ්ඩායම නෝතම්බ්‍රියා සරසවියේ අභ්‍යන්තර උපාධියක් වන ජෛව වෛද්‍ය විද්‍යා විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසලේ (BMS) දී ආරම්භ කරනු ඇත.

පළ කළේ 18 June 2015