ඊද් -අල්-ෆිතර් සැමරීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ පණිවිඩය
ඊද් -අල්-ෆිතර් සැමරීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ පණිවිඩය

John Rankin
“ඊද් -අල්-ෆිතර් සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිවරුන්ට මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම මට මහත් සතුටක් ගෙන දෙයි. මෙය ඉස්ලාම් දහමේ සැබෑ ජීව ගුණය මූර්තිමත් කරන උපවාසයේ, යාච්ඥාවේ, අවලෝකනයේ හා පුණ්‍ය කටයුතු කිරීමේ මාසයක අවසානය සලකුණු කිරීමේ උත්සව පැවැත්වීමේ කාලයකි. මෙම උත්සව සමයේ දී විශ්වාසයේ හෝ මතවල වෙනස්කම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවාසී ජනතාව එකට එකවනු ඇතැයි මම අපේක්ෂා කරමි. මෙම ඊද් ප්‍රීතිමත් හා සාමකාමී වේවා.