බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මහනුවර සංචාරයක යෙදෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් කඳුරටෙහි වඩාත් පුළුල් සංචාරයක කොටසක් ලෙස 2014 නොවැම්බර් 3 වන දින මහනුවර සංචාරයක යෙදුනි.
දළදා මාලිගයට ගොස් ඊට ගෞරව ප්‍රණාම පුද කළ මහ කොමසාරිස්වරයා මල්වතු මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන් සහ අස්ගිරි මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මදස්සි රත්නපාල බුද්ධරක්ඛිත මහ නා හිමියන් ද බැහැ දිටී ය. ඔහු පසු ගිය වසරේ චෝගම් සමයේ රාජකීය උත්තම චාල්ස් කුමරු පිළිගැනීම සම්බන්ධයෙන් මහ නා හිමිවරුන්ට සිය ස්තුතිය පිරිනැමී ය. එසේම ඔහු ආගමික සුසංයෝගයේ වැදගත්කම ද සියලු රටවල ආගමික ප්‍රජාවන් අතර පැවතිය යුතු ඉවසීම හා ගරුකිරීම පිළිබඳ අවශ්‍යතාව ද ගැන සාකච්ඡා කළේ ය.
මහ කොමසාරිස්වරයා මහනුවර ගැරිසන් සුසාන භූමිය හා බ්‍රිතාන්‍ය මණ්ඩල කාර්යාලවල ද සංචාරය කළේ ය. එසේම ඔහු පළමුවන ලෝක යුද්ධය ඇරඹීමේ ශත සංවත්සරය සිහිපත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩල යුද සුසාන භූමියට ගොස් එහි මිහිදන් කළ සියල්ලන්ට ගරු කිරීමක් වශයෙන් මල් වඩමක් තබා පුෂ්පෝපහාර ද දැක්වීය.