ලෝක පුවත් කතාව

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වෙසක් සුබ පැතුම් පිරිනමයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වර ජේම්ස් ඩූරෙස් ශ්‍රී ලංකාවේ බෟද්ධ ප්‍රජාව වෙත සිය සුබ පැතුම් පිරිනමයි.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
Lanterns blowing in the wind outside Kandy.

Lanterns blowing in the wind outside Kandy.

“ශ්‍රී ලංකාවේ වෙසක් උත්සව පවත්වන සෑම දෙනාටම මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම ගැන මම මහත් සේ සතුටට පත්වෙමි. උදාරත්වය, ඉවසීම හා සියල්ලන්ටම ගරුකිරීම පිළිබඳ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ශ්‍රී ලංකාවේ සහ ලොව මුළුල්ලේ රටවල හැමදාමත් පැවතියා සේ ම අදත් වැදගත් ලෙස දිගටම පවතියි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබීම පිළිබඳ මෙම විශේෂ උත්සවය අවස්ථාවේ දී මෙම වැදගත් උත්සවය සමරන සෑම දෙනාටම අසිරිමත් වෙසඟක් වේවා යි මම ප්‍රාර්ථනා කරමි.”

පළ කළේ 3 May 2015