බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට එක්සත් රාජධානි වෙළෙඳ දූත මණ්ඩලයක් ගෙන එයි
‘‘බ්‍රිතාන්‍ය ව්‍යාපාර ඉදිරි පෙරමුණේ තැබීම” මැයෙන් වූ ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් රාජධානි වෙළෙඳ දූත මණ්ඩලයේ සමාරම්භය 2014 නොවැම්බර් 26 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි දී පවත්වනු ලැබිණ.

British High Commissioner H E John Rankin speaks at the event.
සමාරම්භයේ ප්‍රධාන අමුත්තා වූයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා ය. කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ හා ආයෝජන අංශය විසින් සංවිධානය කරන ලද වෙළෙඳ දූත මණ්ඩලය ශ්‍රී ලංකාවේ වෙළෙඳාම හා ආයෝජනය සම්බන්ධයෙන් වැඩිමනත් අවස්ථා ගවේෂණයට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට උනන්දුවක් දක්වන බ්‍රිතාන්‍ය සමාගම් 21 නියෝජිතයින් කැටුව පැමිණියේ ය.
ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා මහතා ය. සිය කතාවේ දී ඔහු එහි වෙළෙඳ හා ප්‍රවාහන සම්බන්ධතා හේතු කොට ගෙන ඉන්දියාවට හා මැද පෙරදිගට ප්‍රවේශ මාර්ගයක් ලෙස ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම පිළිබඳව කතා කළේ ය. ඔහු පැමිණ සිටි බ්‍රිතාන්‍ය සමාගම් සියල්ල උණුසුම්ව පිළිගත් අතර ‘‘ශ්‍රී ලංකාවට පැමිණ එහි සුන්දරත්වය විඳ මෙහි ඔවුන්ගේ ඊළඟ ආයෝජනය කිරීමේ ව්‍යාපාරික තීරණයක් ගන්නැ”යි ඉල්ලා සිටියේ ය.
එක්සත් රාජධානි සමාගම්වලට දෙන ලද සිය පණවිඩයේ දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අති ගරු ජෝන් රැන්කින් මෙසේ පැවසීය:
“බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වශයෙන් මගේ ප්‍රධාන අරමුණුවලින් එකක් වන්නේ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවීය වෙළෙඳාම වැඩි කිරීම ය. ආසියාවේ නැගී එමින් තිබෙන වෙළෙඳ පොළවල් ඒවායේ අවශ්‍යතා සමග සිය අත්දැකීම හා විශේෂඥතාවය ගලපාලීමට හැකි බ්‍රිතාන්‍ය ව්‍යාපාර සඳහා බලගතු අවස්ථා ඉදිරිපත් කරයි. එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සබඳතාවය මේ වන විටත් මනාව ස්ථාපිත වී තිබේ. ශ්‍රී ලංකාවේ අංශ පුළුල් පරාසයක් පුරා පැතිර පවත්නා එක්සත් රාජධානි අනුබද්ධ සමාගම් 100 කට වඩා තිබෙන අතර ඒවා අද මෙහි නියෝජනය වේ. එක්සත් ජනපද ඩොලර් බිලියන 3 කට වඩා උපයා ගත් වෙළඳාමක් සහිත එක්සත් රාජධානි සීමාසහිත මහජන සමාගම් සඳහා 2013 වසර වාර්තාගත වසරක් වූ අතර මෙම දූත කාර්යය සංවිධානය කිරීම මගින් එම සාර්ථකත්වය මත අපි ඉදිරියට යමින් සිටිමු. අපේ සංචාරක එක්සත් රාජධානි නියෝජිතයින් ඉදි කිරීම්වල හා විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ යටිතල ව්‍යුහ ඉදි කිරීමේ සිට අධ්‍යාපනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, රක්ෂණය, ඉඩකඩම්, ගුවන් හා නාවික කටයුතු දක්වා අංශ පුළුල් පරාසයක් කෙරෙහි උනන්දුව ප්‍රකාශ කර තිබීම ගැන මම සතුටට පත් වෙමි.”
මෙම වෙළෙඳ දූත මණ්ඩල චාරිකාවට බ්‍රිතාන්‍යය සමග ව්‍යාපාර සඳහා වන කවුන්සිලය විසින් අනුග්‍රහ දක්වන ලද අතර නිල හවුල්කරුවන් වූයේ ශ්‍රී ලංකා එයාර් ලයින්ස්, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය හා ක්වින්ටෙසෙන්ෂලි ලයිෆ්ස්ටයිල් ය.
මෙම සංචාරය නොවෙම්බර් 28 සිකුරාදා වන තෙක් අඛණ්ඩව කෙරෙන අතර දිවයින කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස හඳුනාගත් අංශ එනම් ගුවන්, නාවික, වාණිජ, දැනුම්, සංචාරක හා බල ශක්ති අංශ කරා නියෝජිතයින් යොමු කරනු ඇත.