ලෝක පුවත් කතාව

ලිංගික හිංසනය වැළක්වීමේ මුලපිරුම හා ප්ර ජාතන්ත්රලවාදී කොංගෝ ජනරජයේ සංචාරය

බ්රිනතාන්යව විදේශ ලේකම් විලියම් හේග් විසින් රචිත ලිපියකි

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
Foreign Secretary William Hague with UN High Commissioner for Refugees Angelina Jolie

Foreign Secretary William Hague with UN High Commissioner for Refugees Angelina Jolie

ප්ර තිසන්ධානය එතරම්ම දුෂ්කර බවට පත් කරන හා හිංසනය අලුත් කිරීමට දායකත්වය සපයන හේතූන්ට ආමන්ත්රසණය කිරීමෙන් තොරව ලෝකය නිතරම වාගේ ගැටුම් අවසන් කිරීමට හා යුද්ධයෙන් ඉරි තැලී ගිය සමාජ නැවත ගොඩ නැගීමට අපේක්ෂා කරයි.

යුද සමයේ ලිංගික දූෂණය හා ලිංගික හිංසනය එම හේතූන්ගෙන් එකක් වෙයි.

සති දෙකකට පෙර මම කොංගෝ ජනරජයේ සංචාරයක යෙදුනෙමි. එහි දී මට ලිංගික දූෂණයට භාජනය කෙරුණු පස් හැවිරිදි දැරියකගේ ඡායාරූපයක් භාර දෙනු ලැබිණ. මම සරණාගත කඳවුරුවල සිට රෝහල්වලට ගිය විට දී හා යුක්තිය සඳහා සටන් කරන ජනයා මුණ ගැසීම්වල දී විනාශ කරන ලද ජීවිත, ඔවුන්ගේ පවුල්වලින් පළවා දමන ලද ස්ත්රීගන්, කැඩී බිඳී ගිය පවුල් හා දර සොයා යන විට පහර දෙනු ලදුව ජීවිත බිය ගෙන දුන් රෝගී තත්ත්වයන්ට ගොදුරු වූවන් පිළිබඳ තැති ගන්වන සුළු කතාන්තර වඩ වඩාත් ශ්රගවණය කළෙමි. මෙම සියල්ල සිදු වන්නේ අපරාධවලට දඬුවම් නොලබා සිටීමේ ලජ්ජා දනවන ආවරණය යටතේ අපරාධකරුවන් දිගටම සිය ‘සාමාන්යන ජීවිත’ ගත කරමින් සිටින අතරතුර ය.

බොස්නියාවේ සිට රුවන්ඩා දක්වා හා ලිබියාවේ සිට සියරා ලියෝන් දක්වා පසු ගිය වසර විස්සෙහි ඇති වූ ප්ර ධාන ගැටුම් බොහොමයක දී දේශපාලන විරුද්ධවාදීන් හෝ මුළුමහත් ජන වාර්ගික හෝ ආගමික කණ්ඩායම් මානසික පීඩාවට පත් කිරීමෙහිලා සිතාමතා යොදා ගන්නා අවියක් ලෙස ලිංගික දූෂණය යොදා ගනු ලැබ තිබේ. ඇති කරන ලද කැලල් පහසුවෙන් සුව කරන්නට බැරි ය, එමෙන්ම කිසිදා නැතිව යන්නේ ද නැත. ඒ වෙනුවට ඒවා නිතරම වාගේ පවුල්වල විනාශය ද ප්ර ජාවන්ගේ ක්රිමික විනාශය ද ඇති කරයි.

දේශපාලන විරුද්ධවාදීන් භීතියට පත් කිරීමේ දැනුවත් අභිලාෂයෙන් යුතුව සාමාන්යය වැසියන් ලිංගික දූෂණයට හා වධ හිංසනයට ද අයිතීන් උල්ලංඝනයට ද භාජනය කරනු ලැබීමේ බිහිසුණු සිද්ධීන් වාර්තා වන සිරියාවේ ද අද එම කතාවම ඛේදනීය ලෙස යළිත් සිදු වෙමින් පවතී.

මානව ගරුත්වය කෙරෙහි විශ්වාසය තබන ප්ර ජාතන්ත්රයවාදී රාජ්යබයක දේශපාලන නායකයින් ලෙස මෙම අභියෝගයට ප්රෙතිචාර දැක්වීම අපේ වගකීම ය. බොහෝ දෙනෙකුට සිදුව තිබෙන පිළිකුල් කටයුතු මෙම අපරාධය නතර කිරීමට හා යුද්ධයේ අවියක් ලෙස ලිංගික දූෂණය යොදා ගැනීම මුලිනුපුටා දැමීමට වැඩ කිරීමට අපි උත්සාහ දරා ඇත්තෙමු.

මෙය පහසු කටයුත්තක් නොවෙනවා මෙන්ම බොහෝ බාධක ද ඇත්තේ ය.

පළමුව වින්දිතයන් තුළම භීතිය හා ලජ්ජාව ඇත්තේ ය. අවබෝධකරගත හැකි ලෙස ලිංගික දූෂණයට පත් කරනු ලැබීම හා සම්බන්ධ කැළල නිසා ඔවුහු නිතරම වාගේ ඉදිරිපත් වීමෙහිලා පසුබට වෙති. වින්දිතයන්ට ලැබෙන සංවේදී කායික හා මනෝවිද්යාහත්මක පිහිට වීමේ අඩුව මගින් මෙම පසුබටභාවය වඩාත් නරක බවට පත් කරනු ලැබේ.

දෙවනුව උසාවි නඩුවලදී උපයෝගී කර ගත හැකි සාක්ෂි එකතු කර ගැනීමේ දුෂ්කරතාවය ය. එහි තේරුම කවදා නමුත් සංවිධිතව ආරම්භ කළ හැක්කේ සාර්ථක නඩු විභාග ස්වල්පයක්ය යන්න ය. 1966 පටන් ප්රිජාතන්ත්රකවාදී කොංගෝ ජනරජයේ පමණක් 500,000 ක් පමණ ස්ත්රීවන් ලිංගික දූෂණයට භාජනය කර තිබෙන අතර උසාවිවලින් නිම වී ඇත්තේ මෙම සිද්ධීන්ගෙන් ඉතා සුළු කොටසක් පමණි. මෙයින් සිදු වන්නේ අපරාධවලට දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය ශක්තිමත් කිරීම පමණි. තුන්වනුව ගැටුමට ප්රදතිචාර දැක්වීමේ දී ජාත්යඬන්තර ප්ර ජාව විසින් ලිංගික දූෂණය දෙවෙනි ගනයේ ප්රිශ්නයක් ලෙස සලකනු ලැබීමේ නැමියාවක් දැක්වීම ය. ප්ර්තිඵලයක් වශයෙන් වින්දිතයන්ගෙන් ඉතිරිව සිටින්නන් නොසලකා හැරේ. ආධාර මුදල් සැපයීම අප්රාමාණවත් ය. නැතහොත් හුදෙක් නොදී සිටියි. සහ අපරාධකරුවෝ නිදැල්ලේ හැසිරෙති.

අවසාන වශයෙන් භූමියෙහි ඉතිරිව සිටින්නන්ට ආධාර කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට, දේශීය සංවිධානවලට හා මානව හිමිකම් ආරක්ෂකයින්ට ප්රවමාණවත් සහයක් ලැබෙන්නේ නැත. ප්රවතිඵලයක් වශයෙන් ඒවා බරපතල් ලෙස ඌන ආධාර ලැබීමෙන් පෙළෙන අතර ඵලදායී ලෙස ප්රූතිචාර දැක්වීමෙහි ලා සැබෑ දුෂ්කරතාවන්ට මුහුණ දෙයි.

මේ සියල්ල ජය ගත හැකි හා ජය ගත යුතු බාධක ය.

මෙම සතියේ මම සන්නද්ධ ගැටුම්වල දී ලිංගික හිංසනය අවසන් කිරීමට, මෙම තිරිසන් අපරාධ සම්බන්ධයෙන් පවතින වගවීමේ අඩුව ජය ගැනීමට හා වින්දිතයන් සඳහා විස්තීරණ සහායක් සහතික කිරීමට වැඩ කිරීමේ අපේ සාමුහික අධිෂ්ඨානය විදහා දක්වන ඓතිහාසික දේශපාලන ප්රිකාශනයකට එකඟ වන්නැයි සහෝදර G 8 විදේශ ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නෙමි.

ලිංගික දූෂණය හා බරපතල ලිංගික හිංසනය ජිනීවා සම්මුති බරපතල් ලෙස උල්ලංඝනය කිරීමක් බව පිළි ගැනීම, ඉතිරිව සිටින්නන් සඳහා වඩා වැඩි ආධාර සහ දිගු කාලීන සහාය, ලිංගික හිංසනය විමර්ශනය කිරීම හා ප්ර ලේඛනය කිරීම සම්බන්ධ එකඟත්වයට පත් ප්රිමිතීන් විදහා දක්වන නව ජාත්යශන්තර මූල ලේඛයක් සඳහා සහාය වීම ඇතුළු පුළුල් ප්රා යෝගික කැපවීම් සමූහයක් මම අපේක්ෂා කරමි.

මෙම පියවර සැලසුම් කරනු ලබන්නේ සාක්ෂි එකතු කිරීම වැඩි දියුණු කිරීමට හා වැඩි නඩු ප්රකමාණයකට මග පෑදීමට ය. ඒවා ඉතිරිව සිටින්නන්ට ඉදිරියට ඒමට ශක්තිය සපයනු ඇති අතර වින්දිතයින්ට ගරුත්වයකින් යුතුව ඔවුන්ගේ ජීවිත යළි ගොඩ නගා ගැනීමට අවශ්යය කරන දිගු කාලීන සහාය ලැබීම සහතික කරනු ඇත. එහෙත් මෙය පටන් ගැන්මක් පමණකි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ද වඩා පුළුල් ලෙස ද යුද සමයෙහි ගැටුම තුළ ලිංගික දූෂණයට හා ලිංගික හිංසනයට එරෙහිව ශක්තිමත් ජාත්ය න්තර සභාගයක් ගොඩ නැගීමේ පදනමක් ලෙස G 8 න් ලැබෙන සහාය උපයෝගී කර ගන්නෙමු.

G 8 යෝධ ජාත්ය න්තර පැතිරීමක් හා ඒකාබද්ධ බලපෑමක් සහිත ලෝකයේ විශාලතම ආර්ථිකයන් සමහරක් නියෝජනය කරයි. එහි සාමාජිකයන් පොදු ප්රදයත්නයක් තුළ එකට එක් වූ විට ඒවා ලෝකයේ සැබෑ හා දිගු කල් පවත්නා වෙනසක් ඇති කිරීමට සමත් ය.

මෙම සතියෙහි නූතන යුද ව්යාතපාරයෙහි ඉතාමත්ම ව්‍යසනකාරී අංගයන්ගෙන් එකක් අවසාන කිරීම හා ගැටුමෙන් පසු ප්රදජාවන්ට පෙරළා එකට එක්වීම එතරම් අසීරු කරන්නේ මන් ද යන්නෙහි ප්ර ධාන හේතූන්ගෙන් එකකට ආමන්ත්රයණය කිරීම ඉලක්ක කර ගත් ක්රිඅයාවලියක් ආරම්භ කරන කල් පවත්නා වෙනසක් ඇති වනු ඇත. යුද්ධයේ අවියක් ලෙස ලිංගික දූෂණය යොදා ගන්නා අපරාධකරුවන් සම්බන්ධව අපරාධවලට දඬුවම් නොලබා සිටීමේ නිදහස සිඳ බිඳ දැමීම හා වින්දිතයන් කිසිදාක යළිත් අත් හැර නොදැමීම සහතික කිරීම නිදහස් රටවල දේශපාලන නායකයින් ලෙස හා මනුෂ්යසයින් ලෙස අපේ වගකීම වන්නේ ය.

පළ කළේ 18 April 2013