ලෝක පුවත් කතාව

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වයඹ, උතුරු මැද හා උතුරු පළාත්වල සංචාරය කරයි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් 2014 මැයි 27 – 29 දක්වා වයඹ, උතුරු මැද හා උතුර යන පළාත්වල නිල සංචාරයක යෙදුනේ ය. මහ කොමසාරිස්වරයා කුරුණෑගල, අනුරාධපුර, මන්නාරම හා පුත්තල‍මේ සංචාරයේ යෙදුනි.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
All those to whom I spoke made clear their concern about and opposition to religious extremism.

All those to whom I spoke made clear their concern about and opposition to religious extremism.

“මාගේ සංචාරයේ ප්‍රධාන කැපී පෙනෙන්නක් වූයේ විවිධ පූජනීය ස්ථානවලදී කළ ගරු බුහුමන් දැක්වීම ය”යි මහ කොමසාරිස්වරයා පැවසී ය. “මම අනුරාධපුරයේ දී පූජනීය ශ්‍රී මහ බෝධිය හා රුවන්වැලිසෑය ස්ථූපය ද මන්නාරමේ දී ඓතිහාසික මඩු දේවස්ථානය හා තිරුකීතීස්වරම් කෝවිල ද පුත්තලමේ දී මහා මුස්ලිම් පල්ලිය ද බැලීමට ගියෙමි. මෙම සෑම පූජනීය ස්ථානයක දී ම මට ආගමික නායකයින් සමග අන්තර්-ආගමික සමගිය හා ප්‍රජා සබඳතාවන් පිළිබඳව ප්‍රයෝජනවත් සාකච්ඡාවන්වලට ඉඩ ලැබුනි. එකිනෙකාගේ ආගමික උත්සවයන්ට සහභාගි වෙමින් ඒවාට හවුල් වීමට ඉඩ සලසන එවන් ආගමික විවිධත්වයක් නියෝජනය කරන ප්‍රජාවන් සිටීමෙහිලා ශ්‍රී ලංකාව වාසනාවන්ත වෙයි. මම කතා කළ සියලු දෙනාම ආගමික අන්තවාදය පිළිබඳ ඔවුන්ගේ සැලකිල්ල හා විරෝධය පැහැදිලිව ප්‍රකාශ කළහ. මෙම සංචාරය අතීතයේ තුවාල සුවපත් කිරීමෙහිලා ඊට වැදගත් භූමිකාවක් රඟ පෑ හැකි හෙයින් ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය පිළිබඳ සම්ප්‍රදාය විශේෂයෙන් අද දවසේ වැදගත් වන්නේ ය යන මගේ මතය ශක්තිමත් ශක්තිමත් කළේ ය.

“එසේම මම ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන, අභ්‍යන්තර අවතැන් වූ පුද්ගලයන් හා ස්ත්‍රී කණ්ඩායම් ඇතුළු විවිධ ප්‍රජාවන් හමු වීමි. ඔවුහු ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව විවෘතව කතා කළහ. ඔවුන්ගේ කතාන්තර විවිධ වූයේ වී නමුත් නිතරම ඉදිරිපත් වූ සමහර ප්‍රශ්න වූයේ ඉඩම්, ඔවුන්ගේ ම භාෂාවෙන් රාජ්‍ය සේවාවන්ට ප්‍රවේශ වීම හා ගෘහස්ථ හිංසනය වැනි සමාජ ප්‍රශ්න ය. එක්සත් රාජධානිය සංහිඳියාව, පොලිස් පුහුණුව, භාෂා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම, ඉංග්‍රීසි භාෂා පුහුණුව හා ස්ත්‍රී අයිතීන්ට ආධාර කිරීම ඇතුළුව මෙම ප්‍රදේශවල වෙනස් කම් ගෙන එන්නා වූ ව්‍යාපෘතිවලට දිගටම ආධාර කරනු ඇත.”

එසේම මහ කොමසාරිස්වරයා උතුරු මැද පළාත් මහ ඇමතිවරයා හා මන්නාරමේ දිසාපතිවරයා සමග ද සාධනීය සාකච්ඡාවල යෙදුන අතර අනුරාධපුරයේ නුවර වැව හා පුත්තලමේ පොලිස් ඇකඩමිය බැලීමට ද ගියේ ය.

පළ කළේ 2 June 2014