එක්සත් රාජධානි ශ්‍රී ලංකා සම්බන්ධතා සැමරුම් උත්සව : බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ක්‍රිකට්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අති ගරු ජෝන් රැන්කින් බ්‍රිතාන්‍යය සමග ව්‍යාපාර සඳහා වන කවුන්සිලය සමග සහයෝගයෙන් යුතුව 2014 නොවැම්බර් 27 වන බ්‍රහස්පතින්දා ඔහුගේ නිල නිවස වන වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ පැවති උත්සවයක දී ශ්‍රී ලංකා හා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම් පිළි ගත්තේ ය.

British High Commisioner with the English Cricket team
මෙම පිළිගැනීම කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ හා ආයෝජන අංශය විසින් සංවිධානය කරන ලද ‘‘බ්‍රිතාන්‍ය ව්‍යාපාර ඉදිරි පෙරමුණේ තැබීම” මැයෙන් ශ්‍රී ලංකාවට පැමිණි විශාල එක්සත් රාජධානි වෙළෙඳ දූත මණ්ඩලය සඳහා වූ වැඩ සටහනේ කොටසක් විය. මෙම සන්ධ්‍යාව මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය සමාගම් 21 ක ව්‍යාපාර නියෝජිතයින්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ප්‍රජාව සමග ජාලගත වීම සඳහා අවස්ථාවක් සැලසීය.
එසේම එය එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා එක් දින ජාත්‍යන්තර තරග සංචාරයේ දී රටවල් දෙක අතර සබඳතා සැමරීමට ද ගුණජය පදනම (Foundation of Goodness) සඳහා අරමුදල් නගාලීමට ද අවස්ථාවක් වූයේ ය.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙසේ පැවසීය:
‘‘ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය විශිෂ්ට ලෙස පුළුල් හා බහු -මුහුණත් සබඳතාවක් බුක්ති විඳියි. මෙම සන්ධ්‍යාවේ අපි විශේෂයෙන් අපේ සවිමත් වාණිජ සබඳතා හා ක්‍රිකට් සම්බන්ධ අපේ සාමුහික ඇල්ම වෙත අපේ අවධානය යොමු කරමු. අපේ රටවල් දෙක අතර වෙළෙඳ හා ආයෝජන අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සතියේ කෙරෙන සිදුවීම්වල කොටසක් ලෙස අද රාත්‍රියෙහි බ්‍රිතාන්‍ය සමාගම් 21 ක් මෙහි පැමිණේ. එසේම මෙම සන්ධ්‍යාවෙහි අපි සියලු වාර්ගික හා ආගමික පසුබිම්වලින් එන ශ්‍රී ලංකාවේ තරුණ ජනයාට ආධාර කරන හා ඔවුන් එකට එක් කරන ගුණජය පදනම වැනි පුණ්‍යායතනික සංවිධානවල වැඩ ද අභිනන්දනය කරමු. එසේම මම මෙම අවස්ථාව ක්‍රිකට් කණ්ඩායම් දෙකටම ඔවුන්ගේ මෙම සංචාරයේ ඉතිරි කොටසේ දී හා ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් සම්මානනීයත්වය සොයා යන ගමනට සුබ ප්‍රාර්ථනා කිරීමට යොදා ගනිමි.”
ගුණජය පදනමේ වැඩවලට ආධාර කිරීම පිණිස වෙළෙඳ දූත මණ්ඩලයේ නිල කොටස්කරුවන් තිදෙනා වන ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ක්වෙන්ටෙසෙන්ෂලි ලයිෆ්ස්ටයිල් හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය විසින් ප්‍රදානය කරන ලද ත්‍යාග සහිත ලොතරැයි ඇදීමක් සිදු කෙරිණ. අතිරේක ත්‍යාග ප්‍රදානය කරන ලද්දේ ජෝන් කීල්ස්, මාලදිවයින් රිසෝර්ට්ස් හා ඩියාජියෝ යන සමාගම් විසිනි.