බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහනුවර සංචාරයක යෙදෙයි
ශ්‍රී ලංකාවට අලුතෙන් පත් කරන ලද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් අද දින මහනුවර ඔහුගේ ප්‍රථම නිල සංචාරයෙහි යෙදුනි.

British High Commissioner paid his respects at the Sacred Temple of the Tooth
ශ්‍රී දළදා මාළිගයේදී සිය ගෞරවාචාර පුද කළ ඔහු මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය. ඔවුහු එහි දී ශ්‍රී ලංකාවේ හා ලෝකය මුළුල්ලෙහි අන්තර් - ආගමික සංවාදයේ වැදගත්කම පිළිබඳව කතා බහෙහි යෙදුනහ.
මාධ්‍යය වෙත කතා කරමින් මහ කොමසාරිස්වරයා මෙසේ පැවසීය: “බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම ගැන හා මාගේ ප්‍රථම නිල සංචාරයේ දී මහනුවර දැක බලා ගැනීමට ලැබීම ගැන මම බෙහෙවින් සතුටට පත් වෙමි. ඓතිහාසික වශයෙන් වැදගත් මෙම පුරවරය බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ ආගමික විශ්වාසයේ කේන්ද්‍රීය කොටසක් රඟපායි. මෙම මුල්ම අවස්ථාව පූජනීය මාළිගයේ දී මගේ ගෞරවාචාර පුද කිරීමට ද මල්වතු පාර්ශවයේ අති පූජ්‍ය මහා නායක හිමියන් බැහැ දකින්නට ද යෙදීම සම්බන්ධයෙන් මම ඉතාමත්ම සතුටු වෙමි. මම ඉදිරියේ දී මේ රට විශිෂ්ට රටක් බවට පත් කිරීමට එක්ව කටයුතු කරන සියලු දෙනාටම අයත් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රජාවන්ගේ නියෝජිතයින් මුණ ගැසීමට ද බලාපොරොත්තුවෙන් සිටිමි.”
ඩෝරිස් මහතා මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ගරු සුරංගනී එල්ලාවල මහත්මිය ද, මහනුවර බිෂොප් වහන්සේවන අති ගරු ආචාර්ය ජෝසප් වියානි ප්‍රනාන්දු තුමන් ද, මහනුවර පුරපති ගරු මහේන්ද්‍ර රත්වත්තේ මහතා ද මුණ ගැසුණි. ගැරිසන් සොහොන් බිමට හා බ්‍රිතාන්‍ය කවුන්සිල කාර්යාලයට ද ගිය ඔහු සිකුරාදා දින පොදු රාජ්‍ය මණ්ඩල යුද සොහොන් සුසාන භූමියෙහි දී මල් වඩමක් තබනු ඇත.